Home » ඇල්ල-කුඹ­ල්වෙල පාරේදී ඕලන්ද කතක් අන­තු­රක

ඇල්ල-කුඹ­ල්වෙල පාරේදී ඕලන්ද කතක් අන­තු­රක

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

බදුල්ල නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන හාලි­ඇළ සමූහ ආර්.එම්. විජේ­රත්න

ඇල්ල – කුඹ­ල්වෙල මාර්ග­යේදී පෙරේදා (27) පස්ව­රුවේ ත්‍රිරෝද රථ­යක් අන­තු­රට ලක් වීමෙන් 28 හැවි­රිදි නෙද­ර්ලන්ත ජාතික තරු­ණි­යක බර­ප­තළ තුවාල ලබා රොහ­ල්ගත කර ඇත.

තුවාල ලත් තැනැ­ත්තිය සිය පෙම්වතා සමඟ ත්‍රිරෝද රථ­යෙන් ගමන් කර­මින් සිටි­යදී කින­ලන් දේවා­ලය අස­ලදී රථය මාර්ග­යෙන් ඉව­තට පැන මේ අන­තුර සිදු තිබේ. අන­තුර සිදු වන අව­ස්ථාවේ තුවාල ලත් තරු­ණිය රථය පද­ව­මින් සිට ඇති අතර, ඇයගේ පෙම්ව­තාට ඉන් හානි­යක් සිදු නොවූ බවට මූලික විම­ර්ශ­න­ව­ලදී අණා­ව­ර­ණය වී ඇත.

සුව­සැ­රිය ගිලන් රථ­යක් මඟින් ඇය ප්‍රති­කාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහ­ලට යැවී­මට කට­යුතු කළ බවත්, ඇල්ල පොලි­සියේ රථ­වා­හන අංශයේ නිල­ධා­රීන් වැඩි­දු­ර­ටත් විම­ර්ශන සිදු කරන බවත් ඇල්ල පොලිස් ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) උපේන්ද්‍ර අබේ­ගු­ණ­ව­ර්ධන මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT