Home » කුඩු කල්ලි­ය­කට උදව් කළ පෞද්ග­ලික ආයතනයක සේව­කයා දැලේ
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 30ක් ආනයනයට

කුඩු කල්ලි­ය­කට උදව් කළ පෞද්ග­ලික ආයතනයක සේව­කයා දැලේ

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

කල්පනි අබේ­සිංහ

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 30ක් ශ්‍රී ලංකා­වට ආන­ය­නය හා ජාවා­රම් කිරී­මට ආධාර අනු­බල දුන්නැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය අත්අ­ඩං­ගු­වට ගත් පෞද්ග­ලික ආය­ත­න­යක සේව­ක­යකු ලබන 2දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පවිත්‍රා සංජී­වනී පති­රණ මහ­ත්මිය ඊයේ (28) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ කිරි­බ­ත්ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි පෞද්ග­ලික ආය­ත­න­යක සේවය කරනු ලැබූ දැකු­ම්පි­ටිය ආචා­රිගේ පසිඳු කෞශල්‍ය දැකු­ම්පි­ටිය යන සැක­ක­රුය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට ලද පැමි­ණි­ල්ල­කට අනුව විම­ර්ශන කට­යුතු කිරී­මේදී මෙම සැක­කරු සිය රාජ­කා­රි­යට පරි­බා­හි­රව මත්ද්‍රව්‍ය ජාවා­රම් කට­යු­තු­වල නියැ­ළෙන බව­ටද පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

මෙම සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු තව­දු­ර­ටත් කිරී­මට අවශ්‍ය බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­කරු ලබන 2 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග
කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT