Sunday, April 20, 2025
Home » හිමිනම­කට පහර දුන්නැයි කුපිත වී දෙකෝ­ටි­යක දේපළ ගිනි­තබා වැනසූ අටු­ළු­ගම 27කට අධි­චෝ­දනා භාර දෙයි

හිමිනම­කට පහර දුන්නැයි කුපිත වී දෙකෝ­ටි­යක දේපළ ගිනි­තබා වැනසූ අටු­ළු­ගම 27කට අධි­චෝ­දනා භාර දෙයි

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්

අටු­ළු­ගම ප්‍රදේ­ශයේ විහා­රා­ධි­පති හිමි නම­කට පහ­ර­දු­න්නැයි කුපිත වී රුපි­යල් කෝටි දෙක­කට ආසන්න වටි­නා­ක­ම­කින් යුත් දේප­ළ­ව­ලට ගිනි තබා අන­ර්ථ­යක් කළ පුද්ග­ල­යන් 27 දෙන­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් කෑගල්ල මහා­ධි­ක­රණ විනි­සුරු ශිවන්ත මංච­නා­යක මහතා ඉදි­රියේ පෙරේදා (27) අධි­චෝ­දනා පත්‍ර භාර­දෙනු ලැබීය.

ඉකුත් 2014 දෙසැ­ම්බර් 01 වැනිදා හෝ ඊට ආසන්න දින­කදී මෙම විත්ති­ක­රු­වන් නීති­වි­රෝධී රැස්වී­මක සාමා­ජි­ක­යන් වෙමින්, රුව­න්වැල්ල පොලිස් වසමේ අටු­ළු­ගම දී රුපි­යල් එක් කෝටි පනස් හත් ලක්ෂ පහ­ළොස් දහ­සක් (15715 000) වටිනා දේපො­ළ­ව­ලට පහර දී ගිනි තබා අන­ර්ථ­යක් සිදු කිරීම සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා හත­ර­කින් යුත් චෝදනා පත්‍රය කියවා භාර­දෙනු ලැබිණි.

මෙලෙස අධි­චෝ­දනා භාර දීම සිදු කරනු ලැබුවේ රුව­න්වැල්ල පොලිස් වසමේ අටු­ළු­ගම පදිං­චිව සිටින පුද්ග­ල­යන් 27 දෙන­කුට එරෙ­හි­වය.

අටු­ළු­ගම ප්‍රදේ­ශයේ විහා­රා­ධි­පති හිමි නම­කට පිරි­සක් පහර දී තිබිණි. පසුව විහා­රා­ධි­කාරි ස්වාමීන් වහන්සේ විහා­රා­ධි­පති ස්වාමීන් වහ­න්සේට පහර දුන්නා යැයි කියන තිදෙනා සම්බ­න්ධ­යෙන් ගම්වා­සීන්ට දන්වා තිබේ. පසුව ගම්වැ­සි­යන් පිරි­සක් විහා­රා­ධි­පති ස්වාමීන් වහ­න්සේට පහර දීම සම්බ­න්ධ­යෙන් ඔවුන්ගේ නිවාස දෙක­කට වෙ‍ෙළ­ඳ­සල් තුන­කට, බස් රථ­ය­කට, ලොරි රථ­ය­කට, ත්‍රිරෝද රථ­ය­කට හා යතුරු පැදි­ය­කට යම්කිසි පිරි­සක් පහ­රදී ගිනි තබා විනාශ කර දමා තිබිණි. පසුව රුව­න්වැල්ල පොලි­සිය අවස්ථා ගණ­නා­ව­කදී 27 දෙනෙක් යුත් සැක­ක­රු­වන් කණ්ඩා­ය­මක් අත්අ­ඩං­ගු­වට ගෙන රුව­න්වැල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අතර, ඔවුන් කලක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි­යහ.

මෙම සැක­ක­රු­වන් 27 දෙනා සම්බ­න්ධ­යෙන් රුව­න්වැල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මගින් ලඝු නොවන නඩු විභා­ග­ය­කින් අන­තු­රුව නීති­ප­ති­ව­රයා වෙත යොමු කොට නීති­ප­ති­ව­රයා විසින් සැක­ක­රු­වන් 27 දෙනා ඇප මත මුදා­හැර තිබිණි.

මෙහි පස්වැනි විත්ති­කරු මිය­ගොස් ඇති බවට අධි­ක­ර­ණ­යේදී කරුණු හෙළි විණි.

විත්ති­ක­රු­වන්ගේ ඇඟිලි සල­කුණු ලබා ගන්නා ලෙස නියෝග කළ අධි­ක­ර­ණය විත්ති­ක­රු­වන් රුපි­යල් ලක්ෂ 5ක් වටිනා පුද්ගල ඇප­යක් හා රුපි­යල් ලක්ෂ 25 ක් වටිනා ශරිර ඇප දෙකක් මත මුදා හැර ලබන ඔක්තෝ­ම්බර් මස 28 වැනිදා නඩුව කැඳ­වී­මට දින නියම කළේය.

පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අධි­නී­තිඥ චන්දිමා ප්‍රනාන්දු මහ­ත්මිය රුව­න්වැල්ල පොලි­සියේ පොලිස් සැර­යන් ගම්ලත් (48605) නිල­ධා­රියා අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT