Home » ලංකාවේ ප්‍රථම ස්වාභා­වික වායු විදුලි බලා­ගා­රය ජන­පති අතින් විවෘත කෙරේ

ලංකාවේ ප්‍රථම ස්වාභා­වික වායු විදුලි බලා­ගා­රය ජන­පති අතින් විවෘත කෙරේ

by Gayan Abeykoon
August 29, 2024 1:26 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත, ජා-ඇළ සමූහ ප්‍රසංග පෙරේරා

 ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාභා­වික වායු විදුලි බලා­ගා­රය වන කෙර­ව­ල­පි­ටිය “සොබා­ද­නවි” සංයුක්ත චක්‍රිය විදුලි බලා­ගා­රයේ පළමු අදි­යර ඊයේ (28) ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතින් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ දිගු­කා­ලීන ආර්ථික වර්ධ­නය වෙනු­වෙන් දායක වීම සඳහා අත්‍ය­වශ්‍ය මෙරට විදු­ලි­බල සැප­යුම් පුළුල් කිරීමේ අර­මු­ණින් ක්‍රියා­ත්මක කරන ලද තීර­ණා­ත්මක යටි­තල පහ­සු­කම් සංව­ර්ධන ව්‍යාපෘ­ති­යක් වන ලක්ද­නව් සමා­ගම මඟින් සැල­සුම් කරන ලද “සොබා­ද­නවි” බලා­ගා­රය මඟින් මෙගා­වොට් 350ක ධාරි­තා­වක් ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට එක් කෙරේ.

ඊයේ (28) ආරම්භ කරන ලද පළමු අදි­ය­රට මෙගා­වොට් 220ක ධාරි­තා­ව­කින් යුත් F පන්තියේ ගෑස් ටර්බ­යි­න­යක් ක්‍රියා­ත්මක කිරීම ඇතු­ළත් වේ. මෙම අදි­යර විශ්ව­ස­නීය විදුලි ප්‍රභ­ව­යක් සප­ය­මින් ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට සැල­කිය යුතු දාය­ක­ත්ව­යක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙවැනි අදි­යර, 2025 මුල් භාගය වන විට නිම කිරී­මට සැල­සුම් කර ඇති අතර, වාෂ්ප ටර්බ­යි­න­යක් ස්ථාප­නය කිරීම හරහා බලා­ගා­රයේ ධාරි­තා­වට අති­රේක මෙගා­වොට් 130ක් එකතු කරනු ඇත. මෙම අදි­යර ගෑස් ටර්බ­යි­න­යෙන් පළමු අදි­යරේ අතුරු ප්‍රති­ඵ­ල­යක් ලෙස නිෂ්පා­ද­නය කෙරෙන තාපය උප­යෝගි කර ගනි­මින් බලා­ගා­රයේ සමස්ත කාර්ය­ක්ෂ­ම­තාව ඉහළ නංවනු ඇති අතර අව­සා­නයේ සමස්ත නිෂ්පා­ද­නය මෙගා­වොට් 350 දක්වා වැඩි කරයි.

සෝබා­ද­නවි බලා­ගා­රය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමා­ජීය සංව­ර්ධ­නයේ ප්‍රධාන කාර්ය­භා­ර­යක් ඉටු කිරී­මට සූදා­න­මින් සිටියි. ඒ අනුව මෙම විදු­ලි­බ­ලා­ගා­රය මඟින් රටේ ජන­තා­වට ස්ථාවර සහ දැරිය හැකි බල­ශක්ති සැප­යු­මක් ලබා දීම, කාර්මික වර්ධ­නය, රැකියා උත්පා­ද­නය සහ සමස්ත ආර්ථික ස්ථාව­ර­ත්වය සඳහා සහාය වේ. සංයුක්ත චක්‍ර ක්‍රියා­ව­ලිය මඟින් රටේ වත්මන් විදුලි ඉල්ලු­මෙන් ආසන්න වශ­යෙන් 12%ක් සපු­රා­ලී­මට අපේක්ෂා කරන අතර, රට පුරා සිටින දහස් සංඛ්‍යාත වැඩ කරන ජන­තා­වට සහ වක්‍රව මිලි­යන සංඛ්‍යාත පුර­වැ­සි­යන්ට ඍජු­වම ප්‍රති­ලාභ ලැබේ.

එම අව­ස්ථා­වට විදු­ලි­බල හා බල­ශක්ති අමාත්‍ය කංචන විජේ­සේ­කර, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ­කො­ම­සා­රිස් ආචාර්ය සත්‍යාං­ජල් පාන්ඩේ, විදු­ලි­බල හා බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය සුල­ක්ෂණ ජය­ව­ර්ධන, විදු­ලි­බල මණ්ඩ­ලයේ සභා­පති නලින්ද ඉලං­ග­කෝන්, ලක්ද­නවි, සොබා­ද­නවි සහ එල්ටී­එල් යන සමා­ග­ම්වල සභා­ප­ති­ව­රුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන්, ඉංජි­නේ­රු­වන්, විදු­ලි­බ­ලා­ගා­රයේ කාර්ය මණ්ඩ­ලය සහ සම්භා­ව­නීය ආරා­ධිත පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT