Home » අධි­වේගී බස­ය­කදී කාන්තා­වකට අතවර කළ STF කොස්තා­පල් අත්අ­ඩං­ගු­වට

අධි­වේගී බස­ය­කදී කාන්තා­වකට අතවර කළ STF කොස්තා­පල් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

සේවා නිවාඩු ලබා­ගෙන අධි­වේගී මාර්ගයේ බස් රථ­ය­කින් නිවෙ­සට යමින් සිටී පොලිස් විශේෂ කාර්ය බළ­කායේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකු එම බස් රථයේ ගමන් කර­මින් සිටි කාන්තා­ව­කට ලිංගික හිංසන කිරීම සම්බ­න්ධ­යෙන් අක්මී­මන පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (26) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම පොලිස් විශේෂ කාර්ය බළ­කායේ පොලිස් කොස්තා­ප­ල්ව­රයා සේවා නිවාඩු ලබා­ගෙන කඩු­වෙල සිට ගාල්ල බලා තම නි‍ෙව­සට යාමට අධි­වේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ­ය­කට නැඟ තිබේ. පසුව ඔහු අසු­න්ගෙන සිටී අසු­නට ඉදිරි අසුනේ සිටි කාන්තා­ව­කට ලිංගික බල­පෑම් කර­මින් හැසිර තිබේ. එම අව­ස්ථා­වේදී එම කාන්තාව සිය ජංගම දුර­ක­ත­න­යෙන් ඒවා පටි­ගත කර ගනි­මින් පින්න­දූව පොලිස් මුර­පො­ළට මේ බව දන්වා ඇත.

අන­තු­රුව පින්න­දුව පොලිස් මුර­පො­ළේදී මෙම පොලිස් කොස්තා­ප­ල්ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන අක්මී­මන පොලිස් ස්ථාන­යට භාරදී ඇත. සැක­කරු ඊයේ (27) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අක්මී­මන පොලි­සිය වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT