Tuesday, April 22, 2025
Home » සිංග­ප්පූරු ජාති­ක­යාගේ කඩ­වත විස්කි නිෂ්පා­ද­නා­ගා­රය වට­ලයි

සිංග­ප්පූරු ජාති­ක­යාගේ කඩ­වත විස්කි නිෂ්පා­ද­නා­ගා­රය වට­ලයි

ගෝලයෝ දෙන්නා අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

සිංග­ප්පූරු ජාති­ක­යකු විසින් මෙරට පුද්ග­ල­යන් දෙදෙ­නෙකු යොදවා පව­ත්වා­ගෙන ගිය නීති විරෝධී ව්‍යාජ විදේ­ශීය මත්පැන් ස්කාගා­ර­යක්, යුද හමුදා බුද්ධි අංශ තොර­තු­රක් මත බිය­ගම සුරා­බදු විශේෂ මෙහෙ­යුම් ඒක­කය විසින් වටලා පුද්ග­ල­යන් දෙදෙ­නෙකු පෙරේදා (27) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

දිගු කලක් තිස්සේ මෙම නීති විරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පා­දන ස්කාගා­රය මහර කඩ­වත ප්‍රදේ­ශයේ නිව­සක් තුළ පව­ත්වා­ගෙන ගොස් ඇති අතර යුද හමුදා බුද්ධි අංශය මගින් මෙම තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට සමත්ව ඇත.

ඒ අනුව සුරා­බදු නිල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මෙන් පසු මෙයට සම්බන්ධ පුද්ග­ල­යන් දෙදෙ­නෙකු එම ව්‍යාජ මත්පැන් නිෂ්පා­ද­න­යට යොදා ගන්නා උප­ක­රණ හා ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කර තිබේ. මෙහිදී එම ස්කාගා­රයේ තිබී ව්‍යාජ ලෙස සක­සන ලද විදේ­ශීය විස්කි බෝතල් 54ක්, එම බෝතල් සීල් කිරීම සඳහා යොදා ගන්නා මැෂින් 2ක් සහ මත්පැන් නිෂ්පා­ද­න­යට යොදා ගන්නා ද්‍රව්‍ය හා උප­ක­රණ තොග­යක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් පිළි­බඳ ඉදිරි නීති­මය කට­යුතු බිය­ගම සුරා බදු විශේෂ මෙහෙ­යුම් ඒක­කය මඟින් සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT