Home » අල්ලස් කොමි­සම මෝටර් රථ 3ක් ඉදිරි විම­ර්ශ­න­ව­ලට රේගු­වට භාර දෙයි
සැප මෝටර් රථ 112ක් පිට පාරෙන් ගෙන්වීමේ සිද්ධිය:

අල්ලස් කොමි­සම මෝටර් රථ 3ක් ඉදිරි විම­ර්ශ­න­ව­ලට රේගු­වට භාර දෙයි

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

භාග්යා සිල්වා

රුපි­යල් කෝටි 700කට අධික බදු මුද­ලක් රජ­යට අහිමි කර­මින් මෙර­ටට ආන­ය­නය කරනු ලැබූ සුඛෝ­ප­භෝගී මෝටර් රථ 112ක් ආන­ය­නය කිරීමේ සිද්ධි­යට අදාළ මෝටර් රථ තුනක් පසු­ගි­යදා (23) අල්ලස් කොමි­සම විසින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඉදිරි විම­ර්ශන සඳහා ශ්‍රි ලංකා රේගු­වට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

මෙකී විමර් ශන­යට අදා­ළව කෝටි 25කට අධික වටි­නා­ක­ම­කින් යුත් මෝටර් රථ 7ක් අල්ලස් කොමි­ස­මට භාර දෙන ලෙසට එකී මෝටර් රථ­වල වර්ත­මාන වාහන හිමි­යන්ට හා රේගු අධ්‍ය­ක්ෂ­ව­ර­යාට මහේ­ස්ත්‍රා­ත්ව­රයා මීට පෙර අව­ස්ථා­ව­කදී නියෝග කර ඇත.

එම අධි­ක­රණ නියෝ­ගය මත එම වාහන කොමි­සන් සභාව වෙත ඉදි­රි­පත් කර නොතිබු පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට වරෙන්තු ද අධි­ක­ර­ණය විසින් මේ වන විට නිකුත් කර ඇති අතර අධි­ක­රණ නියෝග කාලය දිර්ඝ කර ගන්නා ලද වාහන හිමි­යන් වෙත එම වාහන සැප්තැ­ම්බර් 11 වැනි දිනට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වෙත භාර දෙන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග නිකුත් කර ඇත.  මේ විම­ර්ශ­න­යේදී හෙළිවූ රේගු නිල­ධා­රින් සහ වාහන ලියා­ප­දිංචි සඳහා සහාය වූ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් විම­ර්ශ­නය කර අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසට ද මෙහිදි අල්ලස් හෝ දූෂණ කොමි­සම් සභා­වට මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඇතු­ළත් කර­මින්, ශ්‍රි ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ෂන කට­යුතු සිදු නොවී­මෙන් ලංකා රජ­යට මේ මුදල අහිමි කර දූෂ­ණ­යක් සිදු­කර ඇතැයි සඳ­හන් කර­මින් මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය විසින් කරුණු ඉදි­රි­පත් කළේය.

මෙලෙස රේගුවේ නිසි පරිදි නිෂ්කා­ශ­නය නොකොට සුඛෝ­ප­භෝගී වාහන 200ක් පමණ මෙර­ටට ගෙන්වා ඇති බවට එම ඒක­කය විසින් ඉකුත් 2023 වසරේ දෙසැ­ම්බර් මස 08 වැනිදා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණී. ඇතැම් වාහන රුපි­යල් කෝටි හතක් පමණ වන බවත් ඒවා 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වරින් වර විවිධ ආකා­ර­යෙන් කන්ටේ­නර් තුළ සඟවා සහ වෙනත් ද්‍රව්‍ය ගෙන්වන මුවා­වෙන් මෙර­ටට ආන­ය­නය කර ඇති බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT