Home » එක්ස්ප්‍රස් නැවේ කපි­තාන්ගේ වීසා දිගු කිරී­මට නියෝ­ග­යක් නිකුත් කළ නොහැ­කියි

එක්ස්ප්‍රස් නැවේ කපි­තාන්ගේ වීසා දිගු කිරී­මට නියෝ­ග­යක් නිකුත් කළ නොහැ­කියි

මහා­ධි­ක­ර­ණය

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

චන්දන ජය­වීර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ගොනු­කර තිබෙන නඩුව විභා­ග­යට ගැනීම අත්හි­ටුවා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝ­ගයේ පිට­ප­තක් ඉදි­රි­පත් කර නැති බැවින් නෞකාවේ කපි­තා­න්ව­ර­යාගේ වීසා දීර්ඝ කිරීම සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් නිකුත් කළ නොහැකි බවට කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (28) ප්‍රකාශ කර සිටි­යේය.

කොළඹ වරා­යට ආසන්න මුහුදු තීරයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි­බත් වීමෙන් සමුද්‍ර දූෂ­ණ­යක් සිදු කළ බවට චෝදනා කර නීති­ප­ති­ව­රයා විසින් පවරා ඇති නඩු­වක් විභා­ග­යට ගත් අව­ස්ථාවේ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහතා මෙසේ ප්‍රකාශ කර සිටි­යේය.

නඩුවේ පළමු විත්ති­කරු වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපි­තා­න්ව­රයා වන ටියු­ට්කාලෝ විටැලි නමැති රුසි­යන් ජාති­ක­යාට මෙරට රැඳී සිටී­මට අව­සර දී ඇති වීසා කාලය ඉකුත්ව ඇති බැවින් එය දීර්ඝ කරන නියෝ­ග­යක් ආග­මන විග­මන පාල­ක­ව­රයා නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මෝස­ම­කට අනුව ඊයේ (28) නඩුව කැඳ­විණ.

නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් මාධව තෙන්න­කෝන් මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් මහා­ධි­ක­රණ නඩුවේ චෝදනා නීති විරෝධී බව දක්වා විත්ති­ක­රු­වන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට අභි­යා­චනා පෙත්ස­මක් ඉදි­රි­පත්ව ඇති බව දන්වා සිටි­යේය.  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝ­ජිත සමා­ගම වූ සී කොන්සෝ­ටි­යම් ලංකා සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රුන් සහ කපි­තා­න්ව­රයා ගොනු කළ එම අභි­යා­චනා පෙත්සම විභා­ග­යට ගැනී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියෝග කර ඇත. එම ඉල්ලීම පිළි­ග­නි­මින් නිකුත් කළ අතුරු තහ­නම් නියෝ­ගය අනුව මහා­ධි­ක­රණ නඩුව විභාග කළ නොහැකි බැවින් විත්තිය ඉල්ලා සිටින ආකා­රයේ නියෝ­ග­යක් නිකුත් කළ නොහැකි බව කියා සිටි­යේය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් අත්හි­ටුවා ඇත්තේ නඩු විභා­ගය පම­ණක් බවත් ඒහා සම්බන්ධ අනෙ­කුත් නියෝග නිකුත් කළ හැකි බව­ටත් විත්තිය කරුණු දක්වා සිටි­යේය. එම නියෝ­ගය සම්බ­න්ධයේ පිට­ප­තක් මෝසම සමඟ මහා­ධි­ක­ර­ණ­යට වාර්තා කර නැති බැවින් ඉල්ලා සිටින නියෝ­ගය නිකුත් කිරීම පසු­වට කල් තබන බව අධි­ක­ර­ණය දන්වා සිටි­යේය.

මේ අතර නඩුවේ 3 වැනි විත්ති­කරු වන නෞකාවේ දේශීය නියෝ­ජිත සමා­ගම වන සී කොන්සෝ­ටි­යම් ලංකා සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන අර්ජුන ඉන්ද්‍ර­ජිත් තිසේරා හෙට්ටි­ආ­ර­ච්චිට එරෙ­හිව පනවා ඇති ගුවන් ගමන් තහ­නම ඉවත් කරන ලෙස ඉදි­රි­පත් වූ ඉල්ලී­ම­කට ද නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රා­ල්ව­රයා විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කළේය.

මෙරට මුහුදු තීර­යේදී ගිනි­ගත් නෞකාව මඟින් දේශීය ජල තීර­යට බර­ප­තළ හානි­යක් සිදු කිරීම සම්බ­න්ධ­යෙන්, සමුද්‍ර දූෂ­ණය වැළැ­ක්වීමේ පනත යටතේ අධි චෝදනා අටක් යටතේ නීති­ප­ති­ව­රයා මේ නඩුව පවරා ඇත. නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් මාධව තෙන්න­කෝන් මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් මෙම නඩු­වට පෙනී සිටි අතර විත්තිය වෙනු­වෙන් දහම් සිරි­ව­ර්ධන, ෂෙන් පෝස්ටර්, නිරං­ජන් ද සිල්වා, නිපුණි විම­ල­සේන යන නිතිඥ මහත්ම මහ­ත්මීන් සමඟ ජනා­ධි­පති නීතිඥ අනුර මැද්දෙ­ගොඩ මහතා පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT