මම හිරගෙදර ඉන්නේ බයෙන්:
විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බැවින් ඇප මත මුදා හරින ලෙස නීතිඥභාවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මේ ඉල්ලීම සිදු කළේය. ගාමිණී අමරසේකර,ඒ.එච්. එම්. ඩී. නවාස්, නවාස් සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි සුසිල් ජයතුංග මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව විත්තිකරු එහිදී සඳහන් කර සිටියේය.
Òස්වාමීනී!මම බන්ධනාගාරයේ සිටින්නේ බයෙන්.බ්ලේඩ් තලයකින් මගේ බෙල්ල කපා හෝ මගේ ජීවිතයට හානි කරන්න පුළුවන්Óයැයි ඔහු කියා සිටියේය.
ඒ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර මහතා Òඅපෙත් බෙල්ල කපයිද දන්නේ නෑÓයනුවෙන් සඳහන් කළේය.
ඊට පිළිතුරු දුන් ජයතුංග මහතා Òස්වාමීනී.. මම නම් එහෙම කරන්නේ නෑÓ යනුවෙන් කියා සිටියේය.
විත්තිකාර නීතීඥවරයාට එරෙහිව ඇති පැමිණිල්ලක් සැප්තැම්බර් 13 වැනි දින කැඳවන බැවින් එදිනටම මේ පැමිණිල්ල කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මේ පුද්ගලයා නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් කළ නියෝග නොතකා හරිමින් දිගට දිගටම කරුණු දැක්වීම හේතුවෙන් ඔහු අධිකරණයට අපහාස කළ බවට තීරණය කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට ද තීරණය කෙරිණි.
අනතුරුව සානුකම්පිත හේතූන් මත ඔහු ඇප මත මුදා හරින ලදි. එහෙත් එකී ඇප නියෝග කඩ කරමින් ඔහු කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයක් පසුව තීරණය කළේය.