Home » යාප­නයේ ධීව­රයෝ 4ක් චෙන්නායි අත්අ­ඩං­ගුවේ

යාප­නයේ ධීව­රයෝ 4ක් චෙන්නායි අත්අ­ඩං­ගුවේ

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාප­නයේ සිට මුහුදු ගිය ධීව­ර­යන් සිව් දෙනකු රැගත් බෝට්ටු­වක් ක්‍රියා විර­හිත වීම නිසා ඒ බෝට්ටුව ඉන්දි­යාවේ චෙන්නායි මුහුදු වෙර­ළට පා වී ගොස් තිබි­යදී ධීව­ර­යින් හා බෝට්ටුව චෙන්නායි වෙර­ළා­ර­ක්ෂක නිල­ධා­රීන් විසින් පෙරේදා (27) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ යාප­න­යෙන් මුහුදු ගිය 57 හැවි­රිදි අරු­ලා­න­න්ත­සාමි රාම­ක්‍රි­ෂ්ණන්, 64 හැවි­රිදි මුස්තා­යින්, 61 හැවි­රිදි නර්කු­නම් ගුණ­පා­ල­සිං­හම් සහ ත්‍රිකු­ණා­ම­ලයේ පදිංචි 62 හැවි­රිදි ප්‍රේම් යන ධීව­රයෝ හතර දෙනාය. මේ ධීවර පිරිස යාන්ත්‍රික දෝෂ­යක් නිසා තම බෝට්ටුව පා වී ගිය බව එහිදී ප්‍රකාශ කොට ඇතත් චෙන්නායි පොලි­සිය ප්‍රශ්න කොට අව­සන් තීර­ණ­ය­කට එළ­ඹෙන තුරු ඔවුන් චෙන්නායි වෙර­ළා­ර­ක්ෂක පොලි­සියේ රඳ­වා­ගෙන තිබේ.

මේ පිළි­බඳ යාප­නයේ ධීවර සංගම් හා අත්අ­ඩං­ගු­වට පත් ධීව­ර­යන්ගේ ඥාතීන් යාප­නයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් කාර්යා­ල­යට දැනුම් දී, ඔවුන් නිද­හස් කිරී­මට මැදි­හත් වන ලෙස ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මේ සම්බ­න්ධ­යෙන් චෙන්නායි ධීවර අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කර ඇත්තේ මේ ධීව­ර­යන්ගේ යාත්‍රාවේ දෝෂ­යක් සිදුව ඇත් නම් ඔවුන් බන්ධ­නා­ගා­ර­ගත නොකොට නිද­හස් කිරී­මට පිය­වර ගන්නා බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT