Home » ජනා­ධි­ප­ති­ව­රණ දෙක­කට තරග කළ සාහි­ත්‍ය­වේ­දියා හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග

ජනා­ධි­ප­ති­ව­රණ දෙක­කට තරග කළ සාහි­ත්‍ය­වේ­දියා හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග

by Gayan Abeykoon
August 29, 2024 1:08 am 0 comment

රා­ර්ථය වෙනු­වෙන් නැත්නම් තම රට-දැය-සමය හා බස වෙනු­වෙන් තම ජීවි­ත­යම කැප කළ සිංහ­ලයේ මහ‍ා සම්මත භූමි­පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ වූ හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා යනු තම නමේ වච­නා­ර්ථ­යෙන්ම සත්‍ය­වා­දි­යකු ම විය. ශ්‍රී ලාංකික ගත් කතු­ව­ර­යෙකු, පරි­ව­ර්ත­ක­යෙකු, ශබ්ද­කෝෂ සම්පා­ද­ක­ව­ර­යෙකු, ගුරු­ව­ර­යෙකු, නීති­ඥ­යෙකු මෙන්ම කෘත­හස්ත දේශ­පා­ල­න­ඥ­යෙකු වූ ආචාර්ය හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා, ගම්පහ මිනු­ව­න්ගොඩ මැඩෑ­මුල්ල නම් ග්‍රාමයේ දී උපත ලැබීය. දේශීය අක්ෂි වෛද්‍ය­ව­ර­යකු වූ ඩබ්.එම්.ඩී.බී. විජ­ය­තුංග පියා­ණන්ට සහ අම­රා­වතී ජය­සිංහ මෑණි­යන්ට දාව සිවු වන දරුවා ලෙස 1931 ඔක්තෝ­බර් 25 දින මෙළොව එළිය දුටු­වේය.

ගමේ ද්විභාෂා පාසලේ අධ්‍යා­ප­නය ලබ­මින් සිටි හරි­ශ්චන්ද්‍ර ළද­රුවා, දෙවන ලෝක යුද සමයේ කොළඹ නාල­න්දාව මිනු­ව­න්ගොඩ වෙත ගෙන ගොස් තිබුණ බැවින්, නාල­න්දා­වට ඇතුළු වීමේ වාස­නාව ලැබීය. යුද සම­යෙන් පසු කොළඹ නාල­න්දා­වට පැමිණි හෙතෙම පී. ද. එස්. කුල­ර­ත්න­යන්, එල්. එච්. මෙත්තා­න­න්ද­යන් සහ මහා­චාර්ය ගුණ­පාල මල­ල­සේ­ක­ර­යන් මඟ පෙන්වූ නාලන්දා සම්ප්‍ර­දාය තම ජීවි­තය කර ගත්තේය. ආචාර්ය වෛද්‍ය ගුණ­දාස අම­ර­සේ­කර සූරීන් පාසලේ දී ඔහුගේ පන්ති සගයා විය. ඉංශ්‍රීසි මාධ්‍ය­යෙන් විද්‍යා විෂය හැදෑ­රුව ද කලා කට­යු­තු­වල නියැ­ළී­මට මෙන්ම හෙළ හවුලේ විද්වත් ඇසුර ලැබී­මට ද හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග භාග්‍ය සම්පන්න වූවේ ය.

ඔහු විද්‍යා අංශ­යෙන් ඉහ­ළින් සමත් වුව ද, වෛද්‍ය විද්‍යාල ප්‍රවේ­ශය අත­හැර කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා­වේදී උපා­ධිය ලැබුවේ ලේඛ­නය කෙරෙහි දැක්වූ දැඩි උන­න්දුව නිසා ය. අන­තු­රුව මහ­නු­වර ධර්ම­රාජ විද්‍යා­ලයේ රසා­යන විද්‍යා ගුරු­ව­රයා විය.

දේශ­පා­ලන දිවිය

හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා පක්ෂ දේශ­පා­ල­න­යෙහි නිරත වූයේය. ඒ ඔහුගේ සිංහ­ලයේ මහා­ස­ම්මත භූමි­පුත්‍ර පක්ෂය මුල්ක­ර­ගත් ප්‍රති­ප­ත්ති­ග­රුක දේශ­පා­ල­න­ඥ­යකු වශ­යෙනි. එය රට සූරා කෑමට නොව සිංහල බෞද්ධ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම අර­මුණු කර­ගෙන ගොඩ­න­ඟන ලද්දක් විය. ඒ හැර දේශ­පා­ල­න­යෙන් බඩ වඩා­ගැ­නීමේ කෑද­ර­ක­මක් ඔහුට කිසි­සේත්ම නොවීය. හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා ප්‍රධාන ධාරාවේ දේශ­පා­ලන පක්ෂ­ය­කට සම්බන්ධ වූයේ නම් ජ්‍යෙෂ්ඨ අමා­ත්‍ය­ව­ර­යකු වනවා නොඅ­නු­මා­නය.

හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා සිය දේශ­පා­ලන කට­යුතු ආරම්භ කළේ, විශ්ව­වි­ද්‍යාල සිසු­වෙ­කුව සිටි අව­ධියේ දීය. 1990 වසරේ දී සිංහ­ලයේ මහා­ස­ම්මත භූමි­පුත්‍ර පක්ෂය පිහි­ටුවා ගත් ඔහු එහි නාය­කත්ව ධුර­ය­ටද පත්විය.

1994 හා 1999 වස­ර­වල මෙරට පැවති ජනා­ධි­ප­ති­ව­රණ දෙකේ­දීම ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙකු ලෙස තම පක්ෂ­යෙන් තරග වැදු­නේය. 1994 නොවැ­ම්බර් 4 දින පැවති ශ්‍රී ලංකාවේ තෙවන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 32,651 ක් ලබා ගත්තේය. ඉන් සය වස­ර­කට පසු එනම් 1999 දෙසැ­ම්බර් 21 දින පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 35,651ක් ලබා ගත්තේය. තවද 2000, 2001 හා 2004 වස­ර­වල පැවති පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණය වෙනු­වෙන්ද තරග කළේය.

සාහිත්‍ය දිවිය

1956 පෙර­ළි­යත් සමඟ සිංහ­ලය නැවත රාජ්‍ය භාෂාව බවට පත්ව තිබූ අව­ධි­යයි. එව­කට අධ්‍යා­පන මාධ්‍යය ද සිංහල විය. එහෙත් සිංහල පොත්පත් විද්‍යාව වැනි විෂය ඉගැ­න්වීම සඳහා දුලබ අව­ස්ථා­වක වහා ක්‍රියා­ත්මක වූ හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග, ඉංග‍්‍රීසි පොත්පත් පරි­ව­ර්ත­න­යට සහ නව විද්‍යා පෙළ පොත් සම්පා­ද­න­යට උනන්දු විය. ඔහු 1956 සිට විවිධ ශබ්ද­කෝෂ ග්‍රන්ථ සම්පා­ද­න­යට ද දායක වූ අතර, මහා සිංහල ශබ්ද­කෝ­ෂය ඒ අතර සුවි­ශේෂී වෙයි.

එතුමා ග්‍රන්ථ කර්තෘ­ව­ර­යෙක් වශ­යෙන් විද්‍යා, සාහිත්‍ය විචාර, ආග­මික, ඉති­හාස, දේශ­පා­ලන, නීති, දේශීය වෛද්‍ය, බුද්ධ ශාස­න­යට සහ සිංහ­ල­යන්ට වන අහි­ත­කර බල­පෑම් ආදී වශ­යෙන් පොත්පත් රාශි­යක්, පුව­ත්පත් සඟරා කිහි­ප­යක කර්තෘ ධුරය ද දරා ඇත. විශේ­ෂ­යෙන් ම රට – දැය – සමය රැක ගැනීම වෙනු­වෙන් ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර එයට අම­ත­රව පුව­ත්ප­ත්ව­ලට ලිපි සැප­යීම ද කරනු ලැබීය.

 

නීති­ඥ­යෙකු ලෙස සිංහල බෞද්ධ අයි­තීන් සුරැ­කීම

හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා, ශ්‍රී ලංකා නීති විද්‍යා­ල­යට ඇතු­ළත්ව නීතිය හැදෑරූ අතර, 1973 දී නීති­ඥ­ව­ර­යකු වශ­යෙන් දිවු­රුම් දී ගම්පහ උසා­වියේ සේවය කළේය. 1978 දී ඔහුට තම ජීවන වෘත්තිය මද­කට අත­හැ­රී­මට සිදු විය. එවක ජනා­ධි­පති ජේ. ආර්. ජය­ව­ර්ධන තම රජය පත් වූ පසු 1977 අගෝස්තු 13 සිට සැප්තැ­ම්බර් 15 දක්වා සිදු වූ සිංහල-දෙමළ වාර්ගික ආර­වුල් සිද්ධීන් පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මට සන්සෝනි කොමි­ෂන් සභාව පත් කරනු ලැබීය. එය අව­ස්ථා­වක් කර­ගත් දෙමළ අන්ත­වා­දීහු අහේ­තුක-අසත්‍ය කරුණු කොමි­ෂම ඉදි­රියේ සාක්ෂි වශ­යෙන් ඉදි­රි­පත් කළහ. මෙවැනි පසු­බි­මක නිස්ස­ර­ණා­ධ්‍යා­ශ­යෙන්, සිංහල බෞද්ධ­යන්ට එරෙ­හිව ඉදි­රි­පත් වන දුර්මත බිඳ හෙළී­මට ඉදි­රි­පත් වූ නීති­ඥ­ව­රුන් අතර වැඩිම කැප කිරී­මක් කළ හරි­ශ්චන්ද්‍ර විජ­ය­තුංග මහතා දෙමළ අන්ත­වා­දීන්ගේ අභූත චෝදනා ඛණ්ඩ­නය කර­මින්, සිංහල බෞද්ධ අයි­තීන් සුරැ­කී­මට අප­ක්ෂ­පාතී තීන්දු­වක් ලබා­ගැ­නී­මට කට­යුතු කළේය.

හරි­ශ්චන්ද්‍ර මහතා ජීවිත කාලය පූරාම සිංහල බෞද්ධ අයි­තීන් වෙනු­වෙන් අභී­තව පෙනී සිටි­යේය. මහා­ස­ම්ම­ත­වා­දය සහ භූමි­පුත්‍ර සංක­ල්පය රට තුළ ප‍්‍රව­ර්ධ­නය කර සිංහල බෞද්ධ­ය­නට තම අයි­ති­වා­සි­කම් මතක් කර දුන්නේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT