Home » තැපෑ­ලෙන් ඡන්දය දීම ගැන ඔබ දැනු­ම්වත් ද?

තැපෑ­ලෙන් ඡන්දය දීම ගැන ඔබ දැනු­ම්වත් ද?

by Gayan Abeykoon
August 29, 2024 1:08 am 0 comment

 තැපැල් ඡන්ද පහ­සු­කම් සැල­සිය යුත්තේ කවර පාර්ශ්ව­ව­ලට ද?

මැති­ව­රණ රාජ­කාරි පැව­රී­මට ඉඩ ඇතැයි සල­කන රාජ්‍ය නිල­ධා­රීන්, අත්‍ය­වශ්‍ය සේවා­වන්හි සේවයේ නියුතු නිල­ධා­රීන්, සේව­ක­යන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආර­ක්ෂක බළ­කාය යටතේ දිව­යිනේ සිය­ලුම ප්‍රදේ­ශ­වල ආර­ක්ෂක කට­යු­තු­වල නිරත පුද්ග­ල­යන් තැපැල් ඡන්ද අය­දුම් කිරී­මේදී තොර­තුරු ලබා­ගත හැකි ක්‍රම මොන­වාද?

දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­වල ඡන්ද විම­සීම් පැවැ­ත්වෙන දිස්ත්‍රි­ක්ක­ව­ලට අදාළ සිය­ලුම ඡන්ද­හිමි නාම­ලේ­ඛ­න‍ ­ප්‍ර­ද­ර්ශ­නය කෙරේ.

ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල එම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අදාළ ලේඛන ප්‍රද­ර්ශ­නය කෙරේ. සිය­ලුම ග්‍රාම නිල­ධාරි කාර්යා­ල­වල ග්‍රාම නිල­ධාරි වස­මට අදාළ කොටසේ නාම­ලේ­ඛන ප්‍රද­ර්ශ­නය සඳහා තබා ඇත. ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය ප්‍රති­ශෝ­ධ­නයේ දී ගෘහ­යෙන් ගෘහ­යට බෙදා ඇති බීසී ආකෘති පත්‍රයේ ලදු­ප­තෙහි අලවා ඇති ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ ඒ ඒ ගෘහ­යට අදාළ ලියා­ප­දිංචි ඡන්ද හිමි­යන් ගේ ලැයි­ස්තුව මගින් ද තොර­තුරු ලබා­ගත හැකිය. රාජ්‍ය තොර­තුරු කේන්ද්‍රයේ 1919 දුර­ක­තන අංකය අමතා ද ලියා­ප­දිංචි ඡන්ද හිමි­යන් පිළි­බඳ තොර­තුරු ලබා­ගත හැකි අතර එහිදී අදාළ ඉල්ලු­ම්කරු විසින් ඔහුගේ සම්පූර්ණ නම, ජාතික හැඳු­නු­ම්පත් අංකය, පදිංචි දිස්ත්‍රි­ක්කය හා ග්‍රාම නිල­ධාරි වසම පිළි­බඳ තොර­තුරු ඉදි­රි­පත් කිරී­මෙන් ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ ලියා­ප­දිං­චි­යට අදාළ ඡන්ද කොට්ඨාස අංකය සහ අනු­ක්‍ර­මික අංකය ලබා­ගත හැකිය.

 තැපැල් ඡන්ද­දා­ය­ක­යකු වශ­යෙන් සල­කනු ලැබීම සඳහා කරන ලද ඉල්ලීම පිළි­නො­ගන්නා (ප්‍රති­ක්ෂේප වන) අවස්ථා මොන­වාද?

අය­දු­ම්පතේ පරි­පා­ලන දිස්ත්‍රි­ක්කය වැරදි ලෙස සඳ­හන් කර ඇති විට, තැපැල් ඡන්ද ඉල්ලීමේ හිමි­ක­මක් නොමැති අව­ස්ථා­වක, අය­දු­ම්පතේ සඳ­හන් තොර­තුරු ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ ලියා­ප­දිංචි තොර­තුරු හා නොගැ­ළ­පෙන විට, නමට ඇති අනු­ක්‍ර­මික අංකය අය­දු­ම්පතේ නිවැ­ර­දිව සඳ­හන් කර නොමැති විට, ඉල්ලු­ම්කරු ඉල්ලු­ම්පත අත්සන් කර නොමැති අව­ස්ථා­වක, සහ­තික කිරීමේ නිල­ධාරි අය­දු­ම්පත සහ­තික කර නොමැති අව­ස්ථා­වක, තේරී­ම්භාර නිල­ධාරි වෙත අය­දු­ම්පත ප්‍රමාද වී ලැබීම නිසා ඡන්ද විම­සීම් රාජ­කාරි සඳහා යොදවා ගැනීමේ අව­ශ්‍ය­තා­වක් නොමැති විට.

තැපැල් ඡන්ද අය­දු­ම්පත පිළි­ගත් බව හෝ නොපි­ළි­ගත් බව දැන ගත හැකි ක්‍රමය කුමක්ද?

සෑම තැපැල් ඡන්ද අය­දු­ම්ප­තක් සම්බ­න්ධ­යෙන්ම අය­දු­ම්පත පිළි­ගත් බව හෝ නොපි­ළි­ගත් බව දන්වා යවනු ලැබේ. මෙම ලිපිය සහ­තික කිරීමේ නිල­ධා­රීන්ට පිට­ප­තක් සහි­තව අදාළ ඡන්ද හිමියා වෙත යවනු ලබයි. අව­ශ්‍යය යැයි තීර­ණය කරනු ලබන අව­ස්ථා­ව­න්හිදී අදාළ ලිපියේ පිට­ප­තක් ඡන්ද හිමි­යාගේ පෞද්ග­ලික ලිපි­නය වෙත ද යැවේ.

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දී පැමිණ සිටිය හැකි අය කවු­රුන්ද?

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කාර්ය මණ්ඩ­ලය. තරග කරනු ලබන අපේ­ක්ෂ­ක­ය­කුගේ ඡන්ද නියෝ­ජිත / බල­ය­ලත් නියෝ­ජිත හෝ පත්ක­රනු ලබන නියෝ­ජිත එක් අයෙක්.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ප්‍රති­ක්ෂේප කළ හැක්කේ කුමන අව­ස්ථා­වේදී ද?

තැපැල් ඡන්ද නාම ලේඛ­නයේ සඳ­හන් නම් දෙකක් එකම තැනැ­ත්තාට අයත් බවට පෙනී යන විට හෝ අන්‍ය ආකා­ර­ය­කින් ඒ බව ඒත්තු යන අව­ස්ථා­වක.

තැපැල් ඡන්ද සල­කුණු කිරී­මට අදා­ළව රහ­ස්‍යතා ප්‍රකාශ අත්සන් කර­වා­ගත යුත්තේ කවර පුද්ග­ල­යි­න්ගෙන් ද?

තැපැල් ඡන්ද සහ­තික කිරීමේ නිල­ධා­රීන් වෙතින්, තැපැල් ඡන්ද සහ­තික කිරීමේ නිල­ධා­රියා තේරීම් භාර නිල­ධාරි / සහ­කාර තේරීම් භාර නිල­ධාරි වෙතින් හෝ තමා විසින්ම.

තැපැල් ඡන්ද රාජ­කා­රීන්හි යෙදෙන නිල­ධා­රීන්ට අදාළ කරුණු

තැපැල් ඡන්ද සල­කුණු කිරී­මට නියම කරන ලද දිනය / දින­යන්හි තැපැල් ඡන්ද සල­කුණු කිරී­මට නොහැකි වන තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු (PV – D කවර) වලට කුමක් කළ යුතුද?

පසු දිනම අදාළ කාර්යා­ලය පව­තින දිස්ත්‍රි­ක්කයේ මැති­ව­රණ කාර්යා­ල­යට භාර දිය යුතුය.

 ඒ සඳහා භාවිත කරන ආකෘ­තිය කුමක්ද?

PV/RT ආකෘ­තිය.

තේරී­ම්භාර නිල­ධාරි විසින් සෑම තැපැල් ඡන්ද දාය­ක­යකු වෙතම (ඔහු / ඇය සහ­තික කිරීමේ නිල­ධා­රි­යෙක් නම් ඔහු / ඇය වෙත ද සහ­තික කිරීමේ නිල­ධා­රි­යෙක් නොවන අයෙක් නම් ඔහුගේ / ඇයගේ සහ­තික කිරීමේ නිල­ධාරි මඟින් ද) යැවිය යුතු ලිපි ලේඛන මොන­වාද?

ඡන්ද පත්‍රි­කාව

නිකුත් කරන ලද ඡන්ද පත්‍රි­කාවේ මුද්‍ර­ණය කර ඇති අංකය සට­හන් කරන ලද අන­න්‍යතා ප්‍රකා­ශය.

“බී” කව­රය – ලකුණු කරන ලද ඡන්ද පත්‍රි­කාව බහා­ලීම සඳහා වන කව­රය. (නිකුත් කරන ලද ඡන්ද පත්‍රි­කාවේ අංකය සඳ­හන් කර ඇත.)

“ඒ” කව­රය – ඉල්ලු­ම්කරු විසින් ඡන්දය දෙනු ලැබී­මෙන් පසුව ලිය­විලි ආපසු තේරීම් භාර නිල­ධාරි වෙත එවීම සඳහා තේරීම් භාර නිල­ධා­රිගේ ලිපි­නය ලියූ හා තැපැල් ඡන්ද­දා­ය­ක­යාගේ අනු අංකය ලියන ලද කව­රය.

“ඒ” කව­රය ආපසු එවී­මට භාවිත කරන ස්ටික­රය (රිදී පැහැති)

 සහ­තික කිරීමේ නිල­ධා­රිගේ වග­කීම සහ කාර්ය­භා­රය කුමක්ද?

*සහ­තික කිරීමේ නිල­ධා­රිගේ අධී­ක්ෂ­ණය යටතේ රාජ­කාරි කරන තැපැල් ඡන්ද හිමි­යකු වශ­යෙන් සුදු­සු­කම් ලබා ඇති අයගේ තැපැල් ඡන්ද අය­දු­ම්පත් සහ­තික කළ යුතුය. (අය­දු­ම්ප­තෙහි සම්පූර්ණ කරන ලද කොටස් නැවත සංශෝ­ධ­නය කළ­හොත් එම ස්ථාන ද සහ­තික කිරීමේ නිල­ධා­රිගේ අත්සන යොදා සහ­තික කළ යුතුය.) තමන් විසින් සහ­තික කරනු ලබන තැපැල් ඡන්ද අය­දු­ම්පත්, ඉදි­රි­පත් කරනු ලැබූ තැනැ­ත්තන්ට තැපෑ­ලෙන් ඡන්දය දීමේ හිමි­කම් ඇති බව­ටත්, ඉල්ලු­ම්ක­රු­වන්ගේ අන­න්‍ය­තාව පිළි­බ­ඳව සෑහී­ම­කට පත්වන බව­ටත් සහ­තික කිරීමේ නිල­ධ­රයා නිසැක විය යුතුය.

*එදි­නෙදා ලැබෙන අය­දු­ම්පත් සහ­තික කර වහාම අදාළ තේරීම් භාර නිල­ධා­රීන් වෙත තැපෑ­ලෙන් එවී­මෙන් හෝ රැගෙ­න­විත් බාර­දීම මගින් හෝ එවිය යුතුය. සහ­තික කරනු ලැබූ අය­දු­ම්පත් නිය­මිත කාල සීමාව තුළ ලැබෙන සේ එවීම සහ­තික කිරීමේ නිල­ධා­රීන්ගේ වග­කීම වේ.

*තමා විසින් සහ­තික කරනු ලැබූ අය­දු­ම්පත් පිළි­බ­ඳව සහ­තික කිරීමේ නිල­ධාරි ජර්න­ලයේ අවශ්‍ය සට­හන් තැබිය යුතුය. ජර්නල ලබා ගැනීම ප්‍රමාද වන බව පෙනී­යන්නේ නම් තමන් විසින් සහ­තික කරන ලද අය­දු­ම්පත් පිළි­බ­ඳව සට­හන් තබා ගැනී­මට CR ලේඛ­න­යක් නඩත්තු කිරීම යෙහෙකි.

*අය­දු­ම්පත් පිළි­ගත් / නොපි­ළි­ගත් බව දන්ව­මින් තේරී­ම්භාර නිල­ධා­රීන් විසින් එවනු ලබන ලිපි අත­රින් අදාළ ඡන්ද හිමි­යාගේ පිට­පත නොප­මාව ඔහු හෝ ඇය වෙත භාර දිය යුතුය.

*සහ­තික කළ අය­දු­ම්පත් වෙනු­වෙන් ලැබෙන රක්ෂණ පැකැට්ටු ආර­ක්ෂි­තව ගබඩා කිරීම හා නිය­මිත දින අදාළ ඡන්ද හිමියා ලවා සල­කුණු කරවා එදි­නම රක්ෂණ තැපෑ­ලෙන් අදාළ තේරීම් භාර නිල­ධාරි වෙත යැවී­මට කට­යුතු කළ යුතු වේ.

*ඡන්ද පත්‍රිකා සල­කුණු කරනු ලබන දින­යෙහි නිරී­ක්ෂ­ණය සඳහා තරග කරන පක්ෂ සහ කණ්ඩා­ය­ම්වල නියෝ­ජි­ත­යන් කැඳ­විය යුතුවේ.

*මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් නියම කර ඇති දෙදින තුළ තැපැල් ඡන්ද සල­කුණු කිරී­මට නොපැ­මිණි ඡන්ද දාය­ක­යන්ගේ පැකැට්ටු ඊට පසු දිනම ස්වකීය කාර්යා­ලය පිහිටි දිස්ත්‍රික් මැති­ව­රණ කාර්යා­ල­යට ගෙන ගොස් භාර දිය යුතුය.

සහ­තික කිරීමේ නිල­ධා­රිගේ ජර්න­ලය තේරීම් භාර නිල­ධා­රිගේ උප­දෙස් පරිදි බාර­දී­මට අවශ්‍ය පිය­වර ගත යුතුය.

 තැපැල් ඡන්ද නිකුත් කිරීම් කට­යුතු සම්බ­න්ධව ගත යුතු ක්‍රියා­මාර්ග මොන­වාද?

නි‍යෝජි­ත­යන්ට දැනුම් දුන් වේලාව ඉක්ම වූ වහාම කට­යුතු ඇර­ඹිය හැකි ය. ඊට පෙර පැමිණ සිටින නියෝ­ජි­ත­යන්ගේ පත්වීම් ලිපි පරික්ෂා කර පැමි­ණීම සට­හන් කර ගත යුතුය. හිස් තැපැල් ඡන්ද පෙට්ටි නියෝ­ජි­ත­යන්ට පෙන්වා ඔවුන් ඉදි­රි­පි­ටදී මුද්‍රා තැබිය යුතුය. නිකුත් කිරීමේ මධ්‍ය­ස්ථා­න­යට අවශ්‍ය සිය­ලුම දෑ කල් තබා සූදා­නම් කර ගත යුතුවේ. ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම නිරී­ක්ෂ­ණය කිරී­මට පැමි­ණෙන නියෝ­ජි­ත­යන්ට ඒ සඳහා අව­ස්ථාව සැල­සීම අව­ශ්‍යය. සහ­කාර තේරීම් භාර නිල­ධාරි විසින් කාර්ය මණ්ඩ­ල­යෙන් සහ නියෝ­ජි­ත­ය­න්ගෙන් “ඇ” ආකෘ­ති­යෙහි වූ රහ­ස්‍යතා ප්‍රකා­ශය ලබා ගත යුතුය. අන­තු­රුව ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ඇර­ඹිය හැකිය. ඡන්ද පොළේදී මෙන් මෙහිදී ද ඡන්ද දාය­ක­යාගේ අනු­ක්‍ර­මික අංකය සහ නම ශබ්ද නගා කිය­විය යුතුය.

මෙහිදී අනු­ක්‍ර­මික අංකය වන්නේ එක් එක් ඡන්ද ප්‍රදේ­ශය අනුව සකස් වූ තැපැල් ඡන්ද නාම­ලේ­ඛ­න­යෙහි සඳ­හන් අනු­ක්‍ර­මික අංකය වේ.

 තැපැල් ඡන්ද පැකට්ටු සම්බ­න්ධ­යෙන් සහ­තික කිරීමේ නිල­ධාරි වෙත පැව­රෙන වග­කීම් මොන­වාද?

සහ­තික කිරීමේ නිල­ධා­රීන් විසින් තම කාර්යා­ලයේ / ආය­ත­න­යෙහි තැපෑල භාරව කට­යුතු කරන නිල­ධා­රීන් මේ සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් කර තමාගේ නමට ලැබෙන ලිපි විවෘත කිරී­ම­කින් තොරව කෙළින්ම තමාට ලැබෙන පරිදි වැඩ­පි­ළි­වෙළ සකස් කළ යුතුය. තමා වෙත තැපැල් මගින් ලැබෙන රක්ෂණ පැකට්ටු විවෘත කිරී­ම­කින් තොරව සුර­ක්ෂි­තව ගබඩා කර ගත යුතුය. තැපැල් ඡන්ද සල­කුණු කිරීම සඳහා නියම කර ඇති දින දෙකට අදා­ළව එක් එක් දින­යට කැඳ­වන තැපැල් ඡන්ද දාය­ක­යන්, නම් වශ­යෙන් තීර­ණය කර නිල­ධා­රීන්ට කල්තබා දැනුම් දිය යුතුය. එම කට­යුතු නිරී­ක්ෂ­ණය සඳහා නියෝ­ජි­ත­යකු බැගින් සහ­භාගි කර­වන ලෙස තරඟ කරන පක්ෂ ලේකම් / බල­ය­ලත් නියෝ­ජි­ත­යන්ට සහ ස්වාධීන කණ්ඩා­යම් නාය­ක­යන් වෙත දැනුම් දිය යුතුය. තැපැල් ඡන්ද දාය­ක­යන් වශ­යෙන් පැමි­ණෙන පුද්ග­ල­යන්ගේ ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කිරී­මට පෙර ඡන්ද දාය­ක­යාගේ හැඳු­නු­ම්පත අනුව අන­න්‍ය­තාව තහ­වුරු කර ගැනීම අත්‍යා­ව­ශ්‍යය. ඡන්ද පත්‍රි­කාව රහස්‍ය ආකා­ර­යෙන් සල­කුණු කිරී­මට ඡන්ද දාය­ක­යන්ට අව­ස්ථාව සලසා දිය යුතුය. සල­කුණු කරන ලද ඡන්ද පත්‍රි­කාව රහ­ස්‍ය­භා­වය රැකෙන පරිදි තැපැල් ඡන්ද හිමියා ඉදි­රි­යේම නිය­මිත කව­ර­වල බහා මුද්‍රා තබා එදි­නම අදාළ තේරීම් භාර නිල­ධාරී වෙත රක්ෂණ තැපෑ­ලෙන් යැවීම සඳහා තැපැල් කාර්යා­ලය වෙත භාර දිය යුතුය. මේ සඳහා කල් තබා අදාළ තැපැල් කාර්යා­ලය සමඟ සාකච්ඡා කිරීම සුදු­සුය. මෙම කට­යුතු නිරී­ක්ෂ­ණය කිරීම සඳහා දේශ­පා­ලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් පත් කරන ලද නියෝ­ජි­ත­යන්ට සහ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යන් නම් කරනු ලැබු­ව­හොත් ඒ අය වෙනු­වෙන් අව­ස්ථාව සලසා දිය යුතුය. තේරීම් භාර නිල­ධාරි විසින් තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු නිරී­ක්ෂ­ණය සඳහා එවනු ලබන සහ­කාර තේරීම් භාර නිල­ධා­රීන්ට ද ඒ සඳහා පහ­සු­කම් සැල­සිය යුතුය.

තැපැල් ඡන්ද රාජ­කා­රීන්හි යෙදෙන නිල­ධා­රීන්ට සහ දේශ­පා­ලන පක්ෂ­ව­ලට අදාළ කරුණු

තැපැල් ඡන්ද සල­කුණු කරන විශේෂ දින­යන්හි දී එක් සහ­තික කිරීමේ නිල­ධාරි කාර්යා­ල­යක් සඳහා එක් අපේ­ක්ෂ­ක­යකු නියෝ­ජ­නය කර­මින් නියෝ­ජි­ත­යින් කී දෙනෙකු පත් කළ හැකිද?

දෙදෙ­නෙකි.

 මෙම පත් කිරීම කරනු ලබන්නේ කා විසින් ද?

පක්ෂයේ ලේකම් / බලය ලත් නියෝ­ජිත හෝ කණ්ඩා­යම් නායක විසින් පමණි.

තැපැල් ඡන්ද රාජ­කා­රීන්හි යෙදෙන නිල­ධා­රීන්ට, දේශ­පා­ලන පක්ෂ­ව­ලට සහ නිරී­ක්ෂණ සංවි­ධා­න­ව­ලට අදාළ කරුණු තැපැල් ඡන්ද සල­කුණු කරන කාර්යා­ල­යක රැඳී සිටි­මින් එම කට­යුතු නිරී­ක්ෂ­ණය කිරී­මට දේශීය නිරී­ක්ෂ­ක­යන් කී දෙනෙ­කුට හැකි ද? මැති­ව­රණ කොම­සා­රිස් විසින් අනු­මැ­තිය දී ඇති දේශීය නිරී­ක්ෂක කණ්ඩා­ය­ම්ව­ලින් එක් නිරී­ක්ෂ­ක­යකු බැගින් සහ­භාගි විය හැකිය.

 තැපැල් ඡන්ද සල­කුණු කරන දින­යන්හි දී සපුරා තිබිය යුතු අව­ශ්‍යතා මොන­වාද?

තැපැල් ඡන්ද සල­කුණු කරන ආය­තන පරි­ශ්‍රයේ කිසිදු පක්ෂ­ය­කට / කණ්ඩා­ය­ම­කට අයත් සල­කු­ණක්, වර්ණ­වත් සැර­සිලි ප්‍රද­ර්ශ­නය කිරීම නොකළ යුතුය. මැති­ව­ර­ණ­යේදි තරග වදින කිසිඳු පක්ෂ­යක් / අපේ­ක්ෂ­ක­ය­කුගේ දැන්වී­මක්, බැන­ර­යක්, කට­වුට් එකක්, ඡායා­රූ­ප­යක් වැනි ප්‍රව­ර්ධන හෝ ප්‍රචා­රක කට­යු­ත්ත­කට අදාළ කිසිදු දෙයක් ප්‍රද­ර්ශ­නය නොවන බවට සහ­තික විය යුතුය. තැපැල් ඡන්ද දාය­ක­යාට රහ­සින්, එනම් ඡන්දය සල­කුණු කිරීම හා වෙනත් කිසිදු අය­කුට පෙන්වීම හෝ ප්‍රද­ර්ශ­නය කිරීම හෝ නොකර නිද­හස්ව බල­පෑ­ම­කින් තොරව ඡන්දය සල­කුණු කිරීම සඳහා ප්‍රති­පා­දන සපයා දී තිබිය යුතුය. තැපැල් ඡන්ද සල­කුණු කරන ස්ථානයේ ඡායා­රූප ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහ­නම්ය. පාර්සල්, අවි ආයුධ තැපැල් ඡන්ද සල­කුණු කරන ස්ථාන­යට රැගෙන ඒම සපුරා තහ­නම්ය. තැපැල් ඡන්ද සල­කුණු කරන ආය­ත­න­යේම සේවය කරන, මැති­ව­ර­ණ­යට තරග වදින දේශ­පා­ලන පක්ෂ­යක / ස්වාධීන කණ්ඩා­ය­මක අපේ­ක්ෂ­ක­යකු වන අය­කුට කාර්යාල පරි­ශ්‍ර­යට කිසිඳු අව­ස්ථා­වක ඇතු­ළු­වී­මට හෝ කාර්ය මණ්ඩ­ලය සමඟ කිසිඳු සම්බ­න්ධ­තා­ව­කට ඉඩ නොදිය යුතුය. තැපැල් ඡන්ද සල­කුණු කරන ස්ථාන­යට පැමිණ සිටී­මට අව­සර ඇති, මෙම කට­යුතු සඳහා යොදවා ගන්නා කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන්, මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් අව­සර දී ඇති දේශීය නිරී­ක්ෂණ කණ්ඩා­ය­ම්වල නියෝ­ජි­ත­යන් හා මෙම කට­යුතු අධී­ක්ෂ­ණය සඳහා පැමි­ණෙන සහ­කාර තේරීම් භාර නිල­ධා­රීන් හැර වෙනත් කිසිදු අයෙ­කුට තැපැල් ඡන්ද සල­කුණු කරන ස්ථානයේ රැඳී සිටී­මට ඉඩ නොතැ­බිය යුතුය.

තැපැල් ඡන්ද සල­කුණු කරන ආය­ත­නයේ සෑම තැපැල් ඡන්ද දාය­ක­ය­කු­ගේම අන­න්‍ය­තාව, ඒ සඳහා පිළි­ගන්නා ලේඛ­න­යක් මඟින් සනාථ කර ගැනීම හා ඒ අයට අදාළ නිශ්චිත තැපැල් ඡන්ද රක්ෂිත පැක­ට්ටුව තෝරා ගැනී­මට හැකි වන සේ ප්‍රශස්ත ක්‍රියා­ව­ලි­යක් අනු­ග­ම­නය කළ යුතුවේ. තැපැල් ඡන්ද හිමියා විසින් සල­කුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රි­කාව “B” කව­රය තුළට බහා එය ඡන්ද හිමියා ඉදි­රි­යේදී අලවා තැපැල් ඡන්ද හිමියා අත්සන් කළ සහ­තික කිරීමේ නිල­ධාරි අත්සන් කිරී­මෙන් සහ­තික කළ අන­න්‍යතා ප්‍රකා­ශය එම කව­ර­යට අමුණා ඒවා “A” කව­රයේ බහා එය හොඳින් අලවා එහි අළු පැහැති ස්ටික­රය අලවා අදාළ තැපැල් කාර්යා­ලය වෙතට භාර­දිය යුතුය. මෙම රක්ෂිත පැකට්ටු තැපැල් කාර්යාල වෙතට භාර­දීම සනාථ කරවා ලදු­ප­තක් ලබා­ගත යුතු වේ.

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ මාර්ගෝ­ප­දේශ ඇසු­රින් සැක­සිණි.

නුවන් ජය­වි­ක්‍රම

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT