Home » අසීරු කාලයේ වගකීම් භාර නොගෙන පැනගිය නායකයන් විශ්වාස කරන්න පුළුවන්ද?

අසීරු කාලයේ වගකීම් භාර නොගෙන පැනගිය නායකයන් විශ්වාස කරන්න පුළුවන්ද?

නුගේගොඩදී ජනපති අසයි

by Gayan Abeykoon
August 29, 2024 1:29 am 0 comment

ජයසිරි මුණසිංහ, මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

‘පුළු­වන් ශ්‍රී ලංකා’ දේශ­පා­ලන වේදි­කාව රට බේරා ගැනීමේ වේදි­කාව බවත්, එම වේදි­කා­වෙන් පිට සිටින්නේ ජන­තාව මිය ගියත් දේශ­පා­ලන වාසි ලබා­ගත යුතු බව සිතු දේශ­පා­ල­න­ඥ­යන් බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ නුගේ­ගොඩ ආනන්ද සම­ර­කෝන් එළි­ම­හන් රංග පීඨයේ ඊයේ (28) පැවති ‘පුළු­වන් ශ්‍රී ලංකා’ විජ­ය­ග්‍රාහී මහ­ජන රැලි­යට එක් වෙමිනි.‍

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ විජ­ය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම වෙනු­වෙන් සංවි­ධා­නය කර තිබූ මෙම ජන රැලි­යට අති විශාල ජන­තා­වක් එක්ව සිටි­යහ. ඔවුහු මෙහිදී මහත් හර­ස­රින් යුතුව ජනා­ධි­ප­ති­ව­ර­යාව පිළි­ගනු ලැබූහ.

තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

එය වැර­දි­නම් දේශ­පා­ලන වේදි­කා­වේදී මට පිළි­තුරු ලබා­දෙන ලෙස විවෘ­තව අභි­යෝ­ග­යක් කර­නවා.

එදා ජන­තාව පිළි­බඳ නොසිතු සහ විස­ඳු­මක් නොතිබු නාය­ක­යන් අද තමන්ව රටේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කර ගන්නා ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ ද. නැව­තත් රටේ මෙවන් අසී­රු­තා­ව­යක් ඇති වුව­හොත් සජිත් සහ අනුර පලා යන බව ඒකා­න්තයි.

එබැ­වින් ඔබ කර­දරේ වැටුණු අව­ස්ථාවේ ඔබ සමඟ සිටි නාය­ක­යකු ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කර ගැනී­මට ජන­තාව කට­යුතු කළ යුතුයි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ගෑස් සිලි­න්ඩ­ර­යට ලබා දෙන ඡන්දය මුළු­තැන් ගෙට ලබා දෙන ඡන්ද­යක් මෙන්ම රටේ සහ දරු­වන්ගේ අනා­ග­තය තීර­ණය කරන ඡන්ද­යක් බව මතක තබා ගන්න.

රටේ ආර්ථි­කය කඩා වැටෙන විට දේශ­පා­ලන නාය­ක­යන් ලෙස අප වේදි­කාවේ විවේ­ච­නය කර­න­මින් සිටි­න­වාද, නැත්නම් සිය­ලු­දෙනා එක්ව විස­ඳු­මක් සොය­න­වාද කියා මම අහන්න කැම­තියි.

ආහාර ටික සකස් කර ගන්න ගෑස් නොතිබූ අව­ස්ථාවේ, ඉන්ධන නොතිබූ අව­ස්ථාවේ කුමන පක්ෂ­ය­කට අයත් වුවත් තම හිත­ව­තුන් බෙහෙත් නැතිව මිය යද්දිත් අප සිදු කළ යුත්තේ එක්ව විස­ඳු­මක් සෙවී­මයි. නැති­නම් තව­මත් වාද විවාද කර­මින් සිටි­වාද කියා මම අහන්න කැමැ­තියි.

අප එකට එක් වුණා කියා විප­ක්ෂය අපව විවේ­ච­නය කර­නවා. නමුත් මේ විවේ­ච­නය කරන අය මොන­වද කළේ. ඔවුන් රටේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් දුන්නද. ජන­තා­වට සහ­න­යක් ලබා­දී­මට කට­යුතු කළාද. නැහැ. ඔවුන් වග­කීම භාර­දුන් විට පැනලා දිව්වා. නමුත් මට වග­කීම භාර දුන් විට මම තනි මන්ත්‍රී­ව­ර­යෙක් නිසා මා සමඟ එක්වන ලෙස සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටියා. මේ වේදි­කාවේ සිටින අය­ටත්, සජිත් ප්‍රේම­දා­ස­ටත්, අනුර දිසා­නා­ය­ක­ටත් මම ඒ ආරා­ධ­නය සිදු කළා.

අද මේ වේදි­කාවේ සිටින්නේ මා සමඟ එක් වූ පිරි­සයි. වේදි­කා­වෙන් පිට සිටින්නේ ජන­තාව මැරු­ණත් කමක් නැහැ, අපේ දේශ­පා­ලන වාසි­ය­ගත යුතුයි කියා සිතු පාර්ශ්ව­යයි. එය වැරදි නම් මේ වේදි­කා­වට පැමිණ පිළි­තුරු ලබා දෙන ලෙස මා පව­ස­නවා.

එදා ජන­තාව පිළි­බඳ නොසිතු, විස­ඳු­මක් නොතිබූ නාය­ක­යන් මාව රටේ ජනා­ධි­පති කරන්න කියලා අද ජන­තාව හමුවේ කියන්නේ කොහො­මද, නැව­තත් රටේ මෙවන් කර­ද­ර­යක් ඇති වුව­හොත් ඔවුන් කෙළින්ම කටු­නා­ය­කට දුවලා රට අත හැරලා යයි. එත­කොට අපි මොකක්ද කරන්නේ. ඒ නිසා තමන් කර­දරේ වැටුණු අව­ස්ථාවේ තමන් සමඟ සිටින නාය­ක­යෙක් ඔබ තෝරා­ගත යුතුයි. නැව­තත් රටේ අසීරු කාල­යක් පැමි­ණ­ය­හොත් සජිත් හෝ අනුර ජන­තාව සමඟ ඉන්නේ නැහැ.

ඒ නිසා ජන­තාව අසී­රු­තා­වට මුහුණ දුන් අව­ස්ථාවේ ළඟ නොසිටි නාය­ක­යන් දැන් පැමිණ පොත් කියවා පලක් නැහැ කියලා මම කියන්න කැම­තියි.

බඩු මිල අඩු කර­නවා. බදු සහන ලබා දෙනවා කියලා ඔවුන් අද වේදි­කා­වල ජන­තා­වට විවිධ පොරොන්දු දෙනවා. මේ මුදල් සොයන්නේ කෙසේද කියා ඔවුන් රටට ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා ඔබ ගැස් සිලි­න්ඩ­ර­යට ලබා­දෙන ඡන්දය මා වෙනු­වෙන් ලබා­දෙන ඡන්ද­යක් නොවෙයි. මෙම ඡන්දය ඔබේ කුස්සි­යට ලබා දෙන ඡන්ද­යක්. මෙය මගේ අනා­ග­තය තීර­ණය කරන මැති­ව­ර­ණ­යක් නොවෙයි, මීට වඩා හොඳ ජීවන තත්ත්ව­යක් ඇති කර ගැනී­මට සහ දරු­වන්ට යහ­පත් අනා­ග­ත­යක් ගොඩ­න­ඟා­දීම වෙනු­වෙන් ගෑස් සිලි­න්ඩ­ර­යට ඡන්දය ලබා­දෙන ලෙස මම සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටි­නවා.

ජන­ප­තිගේ ජය තහ­වුරු කරන පුළු­වන් ශ්‍රී ලංකා ජන රැලිය නුගේ­ගොඩ ආනන්ද සම­ර­කෝන් එළි­ම­හන් රංග පීඨ­යේදී ඊයේ (28) පැවැ­ත්විණි. ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ, මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී­ව­රුන් වන යදා­මිණි ගුණ­ව­ර්ධන, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, මේජර් ප්‍රදීප් උඳුගොඩ,  හිටපු මහඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු මැති ඇමැ­ති­වරු මෙහි වෙති.

ජන­ප­තිගේ ජය තහ­වුරු කරන පුළු­වන් ශ්‍රී ලංකා ජන රැලිය නුගේ­ගොඩ ආනන්ද සම­ර­කෝන් එළි­ම­හන් රංග පීඨ­යේදී ඊයේ (28) පැවැ­ත්විණි. ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ, මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී­ව­රුන් වන යදා­මිණි ගුණ­ව­ර්ධන, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, මේජර් ප්‍රදීප් උඳුගොඩ, හිටපු මහඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු මැති ඇමැ­ති­වරු මෙහි වෙති.

 ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා –  

මීට වසර දෙක­හ­මා­ර­කට පෙර මන්ත්‍රී­ව­ර­යෙක් ගෑස් කඩ­යක්, ඉන්ධන පිර­වු­ම්හ­ලක් අස­ලින් යෑම­ටත් බය වුණා. එදා කැබි­නට් මණ්ඩ­ලය රැස්වුණේ ස්ලිඩා ආය­ත­නයේ ශ්‍රව­ණා­ගා­රයේ. එසේ හෝ රැස්ව ගනු ලැබූ තීන්දු තීරණ නිසා අද වන විට රට ආර්ථික වශ­යෙන් ඉදි­රි­යට ඇවිත් තිබෙ­නවා. පසු­ගිය අවු­රු­දු­වල විවිධ පක්ෂ­වල හිටපු සියලු දෙනා අද මේ කඳ­වු­රට ඇවිත් තිබෙ­නවා. ආර්ථි­කය ගොඩ­ගැ­නී­මට මේ සියලු දෙනා පාට පක්ෂ භේද­ය­කින් තොරව එකම වේදි­කා­ව­කට පැමිණ තිබෙ­නවා.

පසු­ගිය මැයි මාසයේ ජනා­ධි­ප­ති­තුමා රාජ්‍ය සේවයේ විෂ­මතා ඉවත් කරන්න කමි­ටු­වක් පත්කළා. එම කමිටු වාර්තාව අනුව රාජ්‍ය සේව­ක­යාගේ අවම වැටුප රුපි­යල් 55,000ක් වෙනවා. රාජ්‍ය සේව­ක­යාට 35%කින් වැටුප් වැඩි වෙනවා. ඒ සියල්ල සිදු කළේ වැටුණු ආර්ථි­කය ගොඩ ගන්නා අත­ර­තු­රයි. මහ භාණ්ඩා­ගා­රය, ශ්‍රී ලංකා මහා බැංකුව සියල්ල සමඟ සාකච්ඡා කර ආර්ථි­කය පිළි­බඳ සෑම තීන්දු­වක්ම ගත්තා. ජන­ප්‍රිය නොවු­ණත් නිවැ­රදි තීන්දු තීරණ ගැනී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කට­යුතු කළා.

88-89 භීෂණ යුගය 2022 දී වස­රේදී ජනතා විමුක්ති පෙර­මුණ නැවත පෙන්නුවා. ගෙවල් ගිනි තිබ්බා මන්ත්‍රී­වරු මහ මග මරා දැම්මා. මේ සියල්ල සිදු කරලා අද ජනා­ධි­ප­ති­කම ඉල්ල­මින් තිබෙ­නවා. ජන­තාව ඔවුන්ට රැව­ටෙන්නේ නැහැ.

ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා-  

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජාතික ප්‍රති­ප­ත්ති­යක් සකස් කර, එය නීති­යක් බවට පත් කර, ජනා­ධි­පති සට­නට ඉදි­රි­පත් වන එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහතා පම­ණයි. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ගිවි­සුම මත තමයි, අද රට ආර්ථික වශ­යෙන් හිස එස­වී­මට කට­යුතු කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම ජාත්‍ය­න්ත­රය පිළි­නො­ගන්නා වක­වා­නු­වේදී ආර්ථි­කය නඟා සිටු­වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෙන ගිය වැඩ පිළි­වෙළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රය හමුවේ ඇග­යී­මට ලක්ව තිබෙ­නවා.

ආර්ථි­කය ගොඩ ගන්නා ගමන් අස්වැ­සුම, උරු­මය සහ සහල් සහ­නා­ධාර ලබා දීමට ද ජනා­ධි­ප­ති­තුමා කට­යුතු කළා. ඒ වගේම මුදල් මුද්‍ර­ණය කිරීම නවතා දැමීම, ණය කළ­ම­නා­ක­ර­ණය කිරීම මේ වන විටත් සිදු කර තිබෙ­නවා. ආර්ථික පරි­ව­ර්තන නීතිය ගෙන විත් තිබෙ­නවා. මේ සියලු දේ සිදු කළේ ජන­තාව වෙනු­වෙ­නුයි. ඒ නිසා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ විජ­ය­ග්‍ර­හ­ණය කිරීමේ කොට­ස්ක­රු­වකු වීමට ඔබ සියලු දෙනා කැප­වන්න.

පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම­නාත් සී. දොළ­වත්ත මහතා –  

වසර දෙකක් දුක් විඳ ආර්ථි­කය අගා­ධ­යෙන් එළි­යට ගත්තා විත­රයි. මේ ආර්ථික තත්ත්ව­යෙන් නැවත අගා­ධ­යට යන­වද නැද්ද කියන කාර­ණය එළ­ඹෙන සැප්තැ­ම්බර් 21 වැනිදා තීර­ණය වෙනවා. ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කියන සමගි ජන සංධා­නය එදා අර්බු­දය හමුවේ රට බේරා ගන්නට ඉදි­රි­යට ආවේ නෑ.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කරන්න බැරි දේවල් කියන්නෙ නැහැ. බොරු සුරං­ගනා පොරොන්දු රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා ලබාදී නැහැ. රට ආර්ථික වශ­යෙන් ගොඩ­නැ­ඟුණු නිසා වැටුප් විෂ­මතා පිළි­බඳ කමි­ටුව 2025 වසරේ රාජ්‍ය සේව­ක­යින්ගේ වැටුප 25,000කින් වැඩි කිරී­මට හැකි වී තිබෙ­නවා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ගිවි­සුම ගැන ජනා­ධි­පති වික්‍ර­ම­සිංහ මහතා සජිත් ප්‍රේම­දා­ස­ටත්, අනුර දිසා­නා­ය­ක­ටත් අභි­යෝග කළා. සජිත් ප්‍රේම­දාස මහ­ත්තයා ප්‍රසිද්ධ ලිපි­යක් එවලා ඔහුට තනි­යම ඉදි­රි­පත් වෙන්න බෑ කියලා. අනුර දිසා­නා­යක නම් ලියු­ම­ක්වත් ඒවා නැහැ. ජාත්‍ය­න්ත­ර­යක් සමඟ තනිව කතා කළ හැකි ලංකාවේ සිටින එකම ජාතික නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යායි. ඒ නිසා තනි­යම ජන­තාව වෙනු­වෙන් පෙනී සිටිය හැකි ජාතික නාය­කයා නියත ජනා­ධි­පති කරමු.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදු­ගොඩ මහතා –  

වාම­වාදී දේශ­පා­ලන කඳ­වුරේ සිට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට උද­ව්ක­රන්න පැමි­ණියේ ආර්ථි­කය කඩා­වැටී ජන­තාව පීඩාව පත්වන වේලාවේ ඉදි­රි­යට පැමිණ රට භාර­ගත්තේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා නිසයි. මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අහෝසි වී තිබෙන යුග­යක රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­ම­ටද කට­යුතු කළා. එදා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්‍ෂා නොකළා නම් අද රට බංග්ලා­දේ­ශ­යක් බවට පත්වී හමා­රයි. රට ආරක්ෂා කළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නැවත ජනා­ධි­පති කරන්න කැප­වෙමු.

හිටපු ඇමැති රවී කරු­ණා­නා­යක මහතා –  

රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා ගොඩ­නැගූ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යන­වද නැද්ද කියා ලබන සැප්තැ­ම්බර් විසි එක්වැනි දා ජන­තාව තීන්දු කරන දින­යයි. මේක වස­රක් දෙක­කට පෙර පැමිණි ආර්ථික අභි­යෝ­ගය හමුවේ කයි­ය­නා­ය­කලා රට භාර ගත්තේ නැහැ. සැබෑ නාය­ක­යන් නිර්මා­ණය වන්නේ අභි­යෝග තිබෙන අව­ස්ථා­ව­ල­දීයි. ඊට අනුව මීට වසර දෙක­කට පෙර දී නිර්මා­ණය වුණු ජාතික නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි.

ආර්ථි­කය සම්බ­න්ධ­යෙන් ජාත්‍ය­න්තර මූල්‍යය අර­මු­දල සමඟ විවා­ද­ය­කට තනි­යෙන් එන්න බැරි නාය­ක­යින්ට රට ගොඩ­න­ඟන්න පුළු­වන්ද?

විප­ක්ෂයේ සිටි­න­කොට ඕනෑ දෙයක් කියන්න පුළු­වන්. නමුත් අභි­යෝග හමුවේ ආණ්ඩුව භාර නොගන්නේ තමන්ට කරන්න බැරි නිසයි. විප­ක්ෂයේ කණ්ඩා­යම් ලබා දෙන පොරොන්දු ඉටු කරන්න පුළු­වන්ද කියා ජන­තාව සිහි බුද්ධි­යෙන් සිටිය යුතුයි. 21 වැනි දා වැර­දු­ණ­හොත් යළි රට ගොඩ­න­ඟන්න බැහැ. ඒ නිසා නිවැ­රැදි තීර­ණ­යක් ගන්න.

හිටපු ඇමැති ෆයි­සර් මුස්තාෆා මහතා –  

ආග­ම්වා­ද­යක් ජාති­වා­ද­යක් නැතිව ලංකාවේ පැවැ­ත්වෙන පළ­මු­වැනි මැති­ව­ර­ණය මෙවර පැවැ­ත්වෙ­නවා. මෙතෙක් කල් පැවති මැති­ව­ර­ණ­වල ප්‍රධාන සටන් පාඨය වුණේ ජාති­වා­දය හෝ ආග­ම්වා­ද­යයි. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන ඉති­හා­සය තුළ ඔහු කිසිදු අව­ස්ථා­වක ජාති­වා­දය හෝ ආග­ම්වා­දය තමන්ගේ දේශ­පා­ල­න­යට ඈඳා ගෙන නැහැ.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස හෝ අනුර දිසා­නා­යක බල­යට පැමි­ණි­ය­හොත් මාස හයක් යන්නට පෙර ගෑස් පෝලි­ම්ව­ලට, ඉන්ධන පෝලි­ම්ව­ලට යන්නට ජන­තා­වට සිදු­වෙ­නවා. එම නිසා වැටුණු ආර්ථි­කය යළි ගොඩ­නැඟු සහ ආර්ථි­කය තව­දු­ර­ටත් ඉදි­රි­යට ගෙන යන්න පුළු­වන් එකම නාය­කයා වන ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නැවත ජනා­ධි­ප­ති­ධු­ර­යට පත් කර ගත යුතුව තිබෙ­නවා.

නව ජනතා පෙර­මුණේ නායක සුගී­ශ්වර බණ්ඩාර මහතා –  

සුනිල් හඳු­න්නෙත්ති, ලාල්කාන්ත වැන්නන්ගේ මැදි­හත් වීමෙන් බංග්ලා­දේ­ශය වැනි රටක් කිරී­මට තිබූ ශ්‍රී ලංකාව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අද මේ වගේ තැන­කට ගෙන­විත් තිබෙ­නවා. අද වේදි­කා­වක් වේදි­කා­වක් ගානේ පොරොන්දු දෙන දේශ­පා­ලන කණ්ඩා­යම් රට ආර්ථික අර්බු­දය වැටුණු වේලාවේ කොහෙද හිටියේ කියා ඇසිය යුතුයි. 2022 වසරේ ජූලි 10 වැනිදා හවස 6.32 වෙන­කම් ඉඳලා සජිත් ප්‍රේම­දාස මහ­ත්තයා කිව්ව අග­මැ­ති­කම භාර ගන්න කබීර්ලා, එරාන්ලා හර්ෂලා කැමති නෑ කියලා. නාලක ගොඩ­හේවා එදා ජනා­ධි­පති කාර්යා­ලයේ ඉඳලා සජිත් ප්‍රේම­දා­සට කේලම් ටික කිව්වා. නමුත් රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා ඇවිල්ලා විනාඩි 17ක් සකච්ජා කරලා අග­මැ­ති­කම භාර ගත්තා.

අනුර දිසා­නා­යක මහ­තාට ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දුර­ක­තන ඇම­තුම් දුන්නත් ඒ කිසි­ව­කට උත්ත­ර­ය­ක්වත් දුන්නෙ නෑ. එහෙම නාය­කින් අද ජන­තාව වෙනු­වෙන් කියා ගෙන ජනා­ධි­ප­ති­කම වෙනු­වෙන් වේදි­කා­වක් වේදි­කා­වක් ගානේ කෑග­හ­මින් සිටි­නවා. නමුත් පුර­වැ­සි­යාගේ වග­කීම දන්න ඔබලා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට කෘත­වේ­දී­ත්වයේ මනා­පය ලබාදී එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය විජ­ය­ග්‍ර­හ­ණ­යක් කර­වන බවට මා විශ්වාස කර­නවා.

මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය ද, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, ඇමැති ප්‍රසන්න රණ­තුංග, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන මධුර විතා­නගේ, යදා­මිණි ගුණ­ව­ර්ධන, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, ජනා­ධි­පති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක, බස්නා­හිර හිටපු ප්‍රධාන ඇමැති ඉසුර දේව­ප්‍රිය, හිටපු ඇමැ­ති­ව­රුන් වන ජීවන් කුමා­ර­තුංග, චන්දන කත්‍රි­ආ­රච්චි, කොළඹ හිටපු පුර­ප­තිනි රෝසි සේනා­නා­යක, වෘත්තීය කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති අධ්‍යක්ෂ ජන­රාල් සමන් රත්න­ප්‍රිය යන මහත්ම මහ­ත්මීන් සහ පළාත් දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

 

ඡායා­රූප – රංජිත් අසංක – සුදත් මල­වීර    

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT