Home » නෙත්තමළුව කඳු රක්ෂිතයේ ගින්නක්

නෙත්තමළුව කඳු රක්ෂිතයේ ගින්නක්

by yasara
August 28, 2024 10:34 am 0 comment

fire 1222

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨාශයට  අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (28)  පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙයි.

ගින්න රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ අක්කර විස්සකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වෙයි.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබුණි.

කෙසේ වෙතත් අද අළුයම වන විට ගින්න පාලනය වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT