Home » අපේ රටට ජාතික පිබිදීමක් අවශ්‍යයි

අපේ රටට ජාතික පිබිදීමක් අවශ්‍යයි

-ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

by sachintha
August 28, 2024 3:51 am 0 comment

අපේ රටට ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (22) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපේ රටට ආර්ථිකයේ, දේශපාලනයේ, අධ්‍යාපනයේ පුනර්ජීවනයක් අවශ්‍යයි. ඒ සඳහා ජනතා විශ්වාසයක් අවශ්‍යයි. හොරු රකින ආණ්ඩු වෙනුවට රට හදන ආණ්ඩුවක් රටට අවශ්‍යයි. අනෙකුත් දේශපාලන මත දරන්නන් මාලිමාව සම්බන්ධයෙන් කියන බොරුවලට රැවටෙන්න එපා. ඒ කණ්ඩායම්වලට වඩා ඔබලා සබුද්ධික ජනතාවක් බව පෙන්විය යුතුයි. ආර්ථිකය තුළ සාධාරණත්වය නිර්මාණය කළ යුතුයි. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ක්‍රමයක් සෑදිය යුතුයි. එවැනි ආර්ථිකයක් තුළ සියලු ජනතාවට ලස්සන ජීවිතයක් හිමි විය යුතුයි.”

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT