Home » මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීම යනු IMF සමඟ ගිවිසුම අවසන් කිරීමයි

මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීම යනු IMF සමඟ ගිවිසුම අවසන් කිරීමයි

by sachintha
August 28, 2024 3:41 am 0 comment

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමට ඡන්දය දීමක් බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වුණේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බවට එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන අතර ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසයි.

“ජාතික ජන බලවේගය මඟින්ම පිළියෙල කරන විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ගැන යළි සාකච්ඡා කරන්නේ නම් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම ඉදිරියට ගෙනියන්නේ කෙසේද?

ණය තිරසරකරණ විශ්ලේෂණය යනු සියලු මූල්‍ය ඉලක්කවල පදනම මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව බැලූ විට පෙනී යන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කිරීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අවසන් කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT