ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාතික කිඩෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පෙරේදා (26) සිදු කෙරිණි.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාට කිඩෝරි නිල ලාංඡනය පිරිනැමීම සිඟිති හා බාලදක්ෂ බාලිකා අංශය භාර, කිඩෝරි සංවිධායක සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙණෙවිය විසින් සිදු කරන ලදි. හිටපු පෝතක අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මියගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයෝ දෙවැනි ජාතික කිඩෝරි ගීතය ගායනා කළහ.
අතිරේක ලේකම් පී.සී.කේ. පීරිස්යාල (විෂය සමගාමි, ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන ශාඛාව), අධ්‍යාපන අධ්‍යක්ෂ ගීතානි සුබසිංහ (විෂය සමගාමි, මාර්ගෝපදේශ හා උපදේශන) සහකාර අධ්‍යක්ෂ චන්දිමා රත්නායක (විෂය සමගාමි, මාර්ගෝපදේශ හා උපදේශන), නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එම්. මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් වෛද්‍ය අසංක ඒරියාව, මාධ්‍ය අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න, දිස්ත්‍රික් සම්බන්ධිකාරක සහය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න, පෝතක අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් රේණුකා සිල්වා, මූලස්ථාන කොමසාරිස්වරුන් වන උපුල් මානිල් රණසිංහ, ප්‍රියදර්ශනී ජයකොඩි, සහය මූලස්ථාන කොමසාරිස් රෝහිණි විජයරත්න, කොළඹ දිසා බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, හෝමාගම දිසා බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍ර පත්මා, හෝමාගම සිඟිති අංශය භාර සහය දිසා කොමසාරිස් චන්ද්‍රිකා ලාලනි මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට අයත් කුඩාම බාලදක්ෂයන් සිඟිති බාලදක්ෂයන් වන අතර, ඔවුන්ගේ හමුව ‘කිඩෝරිය’ ලෙස හැඳින්වේ.
දෙවැනි ජාතික කිඩෝරිය සැප්තැම්බර් 7-8 දෙදිනදී කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වෙන අතර, සිඟිති බාලදක්ෂයන් දසදහසක් පමණ ඊට සහභාගි වීමට නියමිතය.
නුවන් කොඩිකාර
ඡායාරූප – රුක්මල් ගමගේ