Wednesday, April 23, 2025
Home » කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ‘සාහිත්‍යාභිවන්දනා’ උලෙළ

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ‘සාහිත්‍යාභිවන්දනා’ උලෙළ

by sachintha
August 27, 2024 2:39 am 0 comment

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන Òසාහිත්‍යාභි වන්දනාÓ උත්සවය ගොතටුව පුරාණ කන්දේ විහාරස්ථානයේදී ඉකුත්දා පැවැත්විණි.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි පැවති මෙම උත්සවය සඳහා පළාත් පාලන කොමසාරිස් එස්.කේ. ජයසුන්දර, සහකාර කොමසාරිස් එන්.පී.ආර්.වී. ප්‍රනාන්දු, සහකාර කොමසාරිස් (ප්‍රජා සංවර්ධන) මල්කාන්ති විජේවර්ධන, ජ්‍යෙෂ්ඨ ප්‍රජා සංවර්ධන නිලධාරි ආර්.එම්.වී.සී. රත්නායක, අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සන්ධ්‍යා මැණික්ගම ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ප්‍රවිණ නර්තන ශිල්පී සහන් රන්වල මහතා ප්‍රමුඛ රන්වල බළකාය මඟින් සංගීත, නර්තන, සාහිත්‍යමය අංගයන්ගෙන් පිරි වැඩසටහනක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබූහ. එසේම, පුස්තකාල පාඨක සමාජ සාමාජික දරුවන් අතර පැවති සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි. චමින්ද ජයසූරිය සහ මෙතුලි ලෙහන්සා විසින් වැඩසටහන මෙහෙය වනු ලැබූහ.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

කොලොන්නාව – ඒ.සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT