නිවෙස් බිඳුම් කර රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න දේපළ සොරා ගත් වරෙන්තුකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 01 පොලිස් සැරයන් (69598) අනිල් නිලධාරියාට ලද තොරතුරක් මත පොලිස් සැරයන් (4248) ප්‍රසන්න නිලධාරියා විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු විසින් වැල්ලම්පිටිය, හෝමාගම, හංවැල්ල යන පොලිස් වසම්වල නිවාස බිඳ ජංගම දුරකතන, රන් බඩු ඇතුළු දේපළ සොරාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
වැලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිදු කළ ගෙවල් බිදුම් එකොළහක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මෙලෙස සොරා ගන්නා ලද දේපළ වැල්ලම්පිටිය හා සේදවත්ත අවට පුද්ගලයින්ට විකුණා හා උකස් කර තිබියදී රුපියල් ලක්ෂ 20 ක පමණ දේපළ දැනට සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
26 හැවිරිදි මෙම අවිවාහක සැකකරු මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට මුදල් සොයා ගැනීම සඳහා මෙම සොරකම් සිදු කරන බව අනාවරණය වී තිබේ.
මිදිගම ප්‍රදේශයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් මොහුට විරුද්ධව වරෙන්තු හතරක් නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර, ස්ථානාධිපති පො. ප. සුමිත් ජයසිංහ, අංක 01 ස්ථානාධිපති හේමන්ත කුමාර යන මහත්වරුන්ගේ නියෝග, අධීක්ෂණය හා උපදෙස් අනුව පො. සැ. (72338) ලලන්ත, (72979) චමින්ද, පො.කො. (84762) කුමාර, (87699) චානක, (77687) අමිල, (81600) සමීර, (19363) සේනානායක, (104675) කේශර, පො.කො.රි. (14940) ජප්රාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
හල්තොට සමූහ
විනීතා මානෙල් ගමගේ