Monday, April 21, 2025
Home » ‘කලඑළියේ ලකී’ පොලිස් දැලේ
සුඛෝපභෝගී නිවසේ මත්පැන් ස්කාගාරයක් හැදූ

‘කලඑළියේ ලකී’ පොලිස් දැලේ

by sachintha
August 27, 2024 3:21 am 0 comment

පොලිස්ථාන පරිශ්‍රයේදී පරික්ෂාවට සූදානම් කර ඇති අයුරු.

මහාපරිමාණ මත්පැන් ජාවාරම්කරුවකු වන කඳානේ කසිප්පු මාටින් යන අයගේ පුත්‍රයකු වන ‘කලඑළියේ ලකී’ නමැත්තාට අයත් කලඑළියේ පිහිටි සුඛෝපභෝගී නිවසේ රහසිගතව මත්පැන් පෙරීමේ ස්කාගාරයක් වැටලීමට පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් විය.

සුඛෝපභෝගී නි‍ෙවසක් තුළ කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන යන බවට පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී එම නීති විරෝධී මත්පැන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන බවට සැලකෙන කඳානේ කසිප්පු මාටින් යන අයගේ පුත්‍රයාගේ නි‍ෙවස බවට හඳුනා ගත් බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව කළ වැටලීමේදී මෙම මහා පරිමාණ කසිප්පු ස්කාගාරය සොයා ගැනීමට හැකිවූ බවත් නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සහ ගෝඩා බැරල් තොගයක් සමඟ සැකකරු ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම මත උප.පොලිස් පරීක්ෂක, චතුරංගගේ, පොලිස්‌ සැරයන් (1445) බටවන්ත පොලිස් කොස්තාපල් (84889) උදයකුමාර, පොලිස් කොස්‌තාපල්වරුන් වන (90452) ලෝගනාදන්, (100683) හේමන්ත, (104547) කුරුකුලසූරිය, පොලිස් කොස්තාපල් රියැදුරු, (80831) උදේශිකා යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT