86
ගාල්ල, මහමෝදර සිට දඩල්ල දක්වා මුහුදු වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කරනු ලැබිණ.
මෙහිදී වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් භාණ්ඩ, පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය තොගයක් ඉවත් කොට වෙරළ පිරිසිදු කරන ලදි. දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පිරිසුදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ