Home » ස්වීස්ටර්ලන්තයේ සිට පැමිණි අයෙක්ගේ මළ සිරුරක් නිවසක් තුළින් හමුවෙයි

ස්වීස්ටර්ලන්තයේ සිට පැමිණි අයෙක්ගේ මළ සිරුරක් නිවසක් තුළින් හමුවෙයි

by yasara
August 27, 2024 8:56 am 0 comment

ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි දෙමළ වැසියෙකු වවුනියාව සීන්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසකදී මරා දමා සිටියදී පොලීසිය ඔහුගේ මළ සිරුර  ඊයේ  (26)  සවස සොයාගෙන තිබේ.

සෙල්වතුරෙයි විමලනාදන් නැමති 65 හැවිරිදි මෙම පුද්ගලයා නිවාඩුවකට පැමිණ සිටියදී සවස් කාලයේ සාදයක් සදහා ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ආරාධනයක් ලැබී ඇත.

ඔහු එහි ගොස් තවත් කිප දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ යම් සිද්ධියක් මත යකඩ පොල්ලකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කොට ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙයි.

සාදයට ගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසියට ඥාතීන් විසින් කරණ ලද පැමිණිල්ලක් අනුව පොලීසිය සිදු කළ විමර්ශනයකදී මළ සිරුර හමු වී තිබේ.

කනගරායන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT