Monday, April 21, 2025
Home » පාසල් පෙළ පොත් ගැන කැබිනට් තීරණයක්

පාසල් පෙළ පොත් ගැන කැබිනට් තීරණයක්

by chanaka
August 27, 2024 3:39 pm 0 comment

2025 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙ.

2025 වර්ෂය සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළ පොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට 2024-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

2025 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය ඉතිරි පාසල් පෙළපොත් වර්ග 246 මුද්‍රණය කරවා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති මුද්‍රණ ආයතන 24 ක් වෙතින් 1, 6 සහ 10 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි වල පෙළ පොත් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT