Home » කල්පිටිය මුහුදේ බීඩි කොළ පාවෙයි

කල්පිටිය මුහුදේ බීඩි කොළ පාවෙයි

by yasara
August 27, 2024 10:12 am 0 comment

නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩී කොළ සහිත ඇසුරුම් 22 ක්,කල්පිටිය මුහුද ආශ්‍රිතව ස්ථාන දෙකක දී ඊයේ  (26)   සොයාගත් බැව,වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික  නෞකා විජය ආයතනය පවසයි.

මෙහි දළ වටිනාකම ලක්ෂ 40 ක් පමණවන බව වාර්තා වේ.

කල්පිටිය ඉප්පන්තීව් මුහුදේ පාවෙමින් තිබුණු බීඩී කොළ ඇසුරුම් 15 ක් සහ වෙල්ල මුන්දලම වෙරළ තීරයේ ගොඩ ගසා තිබූ ඇසුරුම් 7 ක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.ඇසුරුම් 22 තුල බීඩී කොළ කිලෝ ග්‍රැම් 748 ක් තිබී ඇත.

ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බීඩී කොළ නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩ බිමට රැගෙන යාමට අපොහොසත්වීම හේතුවෙන් මෙසේ මුහුදට දැමීම හෝ වෙරළට දමා පලා යාම සිදු කරන බව නාවික හමුදාව පවසයි.

මෙම බීඩී කොළ තොගය ඉදිරි නීතීමය කටයුතු සදහා නාවික හමුදා භාරයේ සුරක්ෂිතව ගබඩා කොට තැබීමට නියමිත ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT