Tuesday, April 8, 2025
Home » තැපැල් ඡන්ද ප්‍රත්‍රිකා ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද ප්‍රත්‍රිකා ගැන දැනුම්දීමක්

by chanaka
August 26, 2024 9:16 am 0 comment

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම 2024 ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08 වැනිදා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වන තුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT