Wednesday, April 23, 2025
Home » හිසට වෙඩි තබා ඝාතනය කළ වනඅලියකු වගා බිමකින් හමුවේ

හිසට වෙඩි තබා ඝාතනය කළ වනඅලියකු වගා බිමකින් හමුවේ

by sachintha
August 26, 2024 1:15 am 0 comment

දඹගල්ල පොලිස් වසමට අයත් දික්ඔය රක්ෂිතයේ පංගුව ප්‍රදේශය ආසන්නයේ වෙඩි වැදී මියගිය වනඅලියෙකුගේ සිරුරක් පෙරේදා (24) වෙනිදා සවස හමුවී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

අවුරුදු තිහක් පමණ වයසැති මෙම වනඅලියා දික්ඔය රක්ෂිත මායිමේ දියආරක් අසල වගාබිමක මියගොස් සිට ඇත.

අලියාගේ හිසට වෙඩි වැදුණු සලකුණක් දක්නට තිබේ.

බදුලුවෙල වනජීවී කාර්යාලය සහ දඹගල්ල පොලිසියේ ස්ථානාධිපති ජී.එස්.අයි. ගිණිගේ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT