Home » ජීප් රථ-ස්කූටර් ගැටුමෙන් මව මරුට

ජීප් රථ-ස්කූටර් ගැටුමෙන් මව මරුට

-පියා - දියණිය රෝහලේ

by sachintha
August 26, 2024 1:11 am 0 comment

තුන් හැවිරිදි එකම දියණිය සමඟ ස්කූටරයක යමින් සිටි මවක සහ පියකු හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයක ගැටීමෙන් මව මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. මෙම අනතුරින් පියා සහ දියණිය ද තුවාල ලබා තිබේ.

එලෙස මියගොස් ඇත්තේ හොරණ උතුරුඋඩුව පදිංචිව සිටි කේ.ජී. ගිම්හානි නමැති 26 හැවිරිදි එක්දරු මවකි. පියා සේවය කරන ආයතනයෙන් පවුලේ සාමාජිකයන් අනුරපුර වන්දනාවේ රැගෙන යෑමට පෙරේදා (24) කටයුතු සලසා තිබී ඇති අතර ඊට සහභාගි වීම සඳහා හොරණ උතුරුඋඩුව නිවෙසේ සිට රත්නපුර මාර්ගයේ පැමිණ බොරලුගොඩ ආයෝජන කලාපය ඉදිරිපිට මාර්ගයේ මධ්‍ය රේඛාවේ නවතා දකුණට හැරවීමට සූදානමින් සිටියදී හොරණ සිට රත්නපුර දෙසට ධාවනය වූ භාණ්ඩ බෙදා හැරීමට යමින් සිටි බොලෙරෝ ජීප් රථය ස්කූටරයේ පිටුපස පෙදෙසෙහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි මව පැය කිහිපයකට පසු හොරණ මූලික රෝහලේදී මියගොස් ඇති අතර පියා ද අසාධ්‍ය තත්ත්වයෙන් වාට්ටු අංක්‍ 77හි ප්‍රතිකාර ලබන බව තුන් හැවිරිදි දියණිය වාට්ටු අංක 14 ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. බොලෙරෝ ජීප් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පනාවල මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද, පොලිස් සැරයන් (37999) මහේෂ්, පොලිස් කොස්තාපල් (89321) ඉන්දික මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT