Home » බෝ ගසක අත්තක් නිවසට කඩා වැටිලා

බෝ ගසක අත්තක් නිවසට කඩා වැටිලා

මවත් දරු­ව­නුත් රෝහලේ

by damith
August 24, 2024 1:02 am 0 comment

කැල­ණිය - කේ. එස්. හැන්නදි

කැල­ණිය බිය­ගම පාරේ කළු පාලම ආස­න්නයේ පට්ටිය ප්‍රදේ­ශයේ වේල්ල මත පිහිටි නිව­සක වහ­ලය මතට නිවස ආස­න්න­යේම පිහිටි බෝ වෘක්ෂ­යක අත්තක් කඩා වැටී නිවසේ රූප­වා­හි­නිය නර­ඹ­මින් සිටි කුඩා දරු­වන් දෙදෙ­නකු සහ දරු­වන්ගේ මව තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි පෑලි­ය­ගොඩ පොලි­සි­යෙන් වාර්තා වේ. ඉකුත් 22 වැනිදා රාත්‍රි 8.30ට පමණ සිදුවූ සිද්ධිය පිළි­බ­ඳව දරු­වන්ගේ මිත්ත­ණිය පැව­සුවේ මීට පෙරද මෙම බෝ ගසේ අතු කඩා වැටී අස­ල්වැසි නිවෙ­ස්ව­ලට හානි සිදු වූ බවයි. මෙම බෝ ගස මෙම ස්ථාන­යෙන් ඉවත් කර දෙන ලෙසට බල­ධා­රීන් ගෙන් නොයෙක් වර ඉල්ලීම් කළත් කිසිදු අයකු ගණන් නොගත් බවත් එම නිසා මෙම අන­තුර සිදුවූ බවත් කීවාය.

අවු­රුදු හයක් සහ අවු­රුදු එක හාමා­රක පමණ වය­සැති දරු­වන් දෙදෙ­නකු සහ 39 හැවි­රිදි දරු­වන්ගේ මව සිද්ධි­යෙන් තුවාල ලබා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර එම නි‍ෙවස ඇතුළු තවත් නිවාස කිහි­ප­ය­කට මෙම අන­තු­රෙන් දැඩි අලාභ හානි සිදුවී ඇත. 22 වැනිදා රාත්‍රි පෑලි­ය­ගොඩ පොලි­සිය සහ ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධා­රි­ව­රයා එම ස්ථානය වෙත ගොස් පරී­ක්ෂණ පවත්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT