Wednesday, April 23, 2025
Home » වැඩි­හිටි දීම­නාව ගන්න තැපැ­ල්හ­ලට ගිය පස්දරු පියා මිය­ගි­හින්

වැඩි­හිටි දීම­නාව ගන්න තැපැ­ල්හ­ලට ගිය පස්දරු පියා මිය­ගි­හින්

by damith
August 24, 2024 1:02 am 0 comment

ඩී.එස් ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ

තණ­ම­ල්විල තැපැල් කාර්යා­ල­යට ඉකුත්දා (22) මහ­ජන ආධාර මුදල් ලබා­ගැ­නී­මට පැමිණි පස්දරු පියකු තැපැල් කාර්යාල ඉදි­රි­පි­ටදී මිය­ගොස් ඇතැයි තණ­ම­ල්විල පොලී­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ තණ­ම­ල්විල ගාමි­ණී­පුර පදිංචි ආර්.ඒ. සිරි­සේන (81) නැමති අයෙකි.

ඔහු වැඩි­හිටි දීම­නාව ලබා­ගැ­නී­මට තණ­ම­ල්විල තැපැල් කාර්යා­ල­යට එදින උදෑ­සන පැමිණ ඇති අතර එක­ව­රම තැපැල් කාර්යාල ඉදි­රි­පිට වාඩිවී සිටි­යදී මිය­ගොස් ඇත.

මිය­ගිය අයගේ මෘත­දේ­හය හදිසි මරණ පරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව ඥාතීන්ට භාර­දුන් බව තණ­ම­ල්විල වැඩ­බ­ලන පොලිස් ස්ථානා­ධි­පති නිශාන්ත ගමගේ මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT