Tuesday, April 22, 2025
Home » රැකි­යා­වට යමින් සිටි දෙදරු පියා බස­යට යටවී එතැ­න­දීම මරුට

රැකි­යා­වට යමින් සිටි දෙදරු පියා බස­යට යටවී එතැ­න­දීම මරුට

යතුරු පැදිය මිටර් 100ක දුර­කට බස් රථ­යේම ඇමිනී ගිහින්

by damith
August 24, 2024 1:02 am 0 comment

පුත්ත­ලම අති­රේක හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

ආර­ච්චි­ක­ට්ටුව නල්ල­ද­ර­න්ක­ට්ටුව ඊයේ(23)උදෑ­සන බස් රථ­යක් යතු­රු­පැ­දි­යක ගැටී සිදුවු මාරක අන­තු­ර­කින් දෙදරු පියකු එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත් වී ඇති බව ආර­ච්චි­ක­ට්ටුව පොලි­සිය කියයි.

මෙසේ මර­ණ­යට පත්ව ඇත්තේ පෙද­රේ­රු­වෙකි.රැකි­යා­වට යතුරු පැදි­ය­කින් ගමන් කර­මින් සිටි ආර­ච්චි­ක­ට්ටුව වෛර­න්ක­ට්ටුව පදිංචි දෙදරු පියකු වන වර්ණ­කු­ල­සු­රිය සමන්ත දබ­රේරා නැමති අයකු බව කියයි.මේ පෙද­රේ­රුවා උදෑ­සන රැකි­යා­වට ඔහුගේ යතු­රු­පැ­දි­යෙන් හලා­වත දෙසට ගමන් කර­මින් සිටි­යදී පිටු­ප­සින් පැමිණි යාප­නය කොළඹ පෞද්ග­ලික මගී ප්‍රවා­හන බස් රථ­ය­කට ගැටී එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත් වී ඇති බවයි.පෙද­රේ­රුවා තම යතු­රු­පැ­දිය ධාව­නය හලා­වත දෙසට ධාව­නය කර­මින් තිබි­යදී බස් රථ රියැ­දු­රාගේ කිසි­යම් හේතු­වක් මත මේ අන­තුරු සිදුව ඇති බවත් අන­තු­රින් මරණ කරුගේ යතු­රු­පැ­දිය මීටර් 100කට වැඩි­දු­රක් සිර වී ගොස් බස් රථය නැවතී ඇති බවයි.අන­තුර සම්බ­න්ධ­යෙන් යාප­නය කොළඹ පෞද්ග­ලික බස් රථ රියැ­දුරා පොලි­සිය මගින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ප්‍රකාශ සට­හන් කර ගැනී­මෙන් පසු හලා­වත අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.අන­තුර සම්බ­න්ධව ආර­ච්චි­ක­ට්ටුව පොලි­සිය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT