Wednesday, April 23, 2025
Home » අම්මා සමඟ විර­සක වූ දැරිය පෙම්ව­තාගේ නිව­සට ගිහින්:

අම්මා සමඟ විර­සක වූ දැරිය පෙම්ව­තාගේ නිව­සට ගිහින්:

පෙම්ව­තයි නැන්ද­ම්මයි දෙන්නම අත්අ­ඩං­ගු­වට

by damith
August 24, 2024 1:02 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂානි

තම මව සමඟ විර­සක වී පෙම්ව­තාගේ නිව­සට ගිය 15 හැවි­රිදි බාල­ව­ය­ස්කාර දැරි­ය­කට බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යක් කළ එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනු­බල දුන් සැක­ක­රුගේ මව අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ රාජාං­ග­ණය පොලිස් වසමේ පදිංචි පුතකු සහ මවක්ය. වින්දිත දැරිය අනු­රා­ධ­පුර පොලිස් වසමේ ගමක තම මව සම­ඟින් සිටි­යදී, මව සමඟ ඇති කර­ගත් බහි­න්බ­ස්වී­ම­කින් අන­තු­රුව එම මවට නොදන්වා පෙම්ව­තාගේ නිව­සට ගොස් ඇති බව පොලි­සිය කියයි.

එම මව පොලි­සි­යට කළ පැමි­ණි­ල්ල­කට අනුව විම­ර්ශ­න­යක් සිදු කර රාජාං­ග­ණය ප්‍රදේ­ශ­යට ගොස් දැරිය තම භාර­යට ගෙන ප්‍රකාශ සට­හන් කර ගැනී­මේදී මෙම අප­යෝ­ජ­නය සිද්ධිය අනා­ව­ර­ණය වූ බව පොලි­සිය කියයි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු සහ සැක­කා­රිය අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්. එම්. ජය­වීර මහ­තාගේ උප­දෙස් මත ළමා කාන්තා කාර්යාං­ශයේ නිල­ධා­රීහු පිරි­සක් වැඩි­දුර විම­ර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT