Home » හර්ෂිතාට සීපීඑල් වරම්

හර්ෂිතාට සීපීඑල් වරම්

by mahesh
August 23, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිනියක වන හර්ෂිතා මාධවී සමරවික්‍රමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්) තරගාවලියට එක්වීමේ අවස්ථාව උදා වී තිබේ.

මෙවර තරගාවලියේදී ඇය ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කිරීමට තෝරා ගෙන ඇති අතර, එම කණ්ඩායමට එක්ව සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා මෙග් ලැලින් ආබාධයකට ලක්වීම හේතුවෙන් එම ස්ථානයට හර්ෂිතා කැඳවා තිබේ.

මේ වන විට 26 හැවිරිදි වියේ පසුවන හර්ෂිතා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 65කදී අර්ධ ශතක 8ක් සමඟ ලකුණු 1463ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ 31.12ක සාමාන්‍යයක් ද සමඟිනි.

සීපීඑල් තරගාවලියට එක්වන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව හර්ෂිතා වන අතර, ඇයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම සමඟ එක් වූවාය. චමරිට පසුව විදෙස් ලීග් තරගාවලියකට එක්වන දෙවැනි ක්‍රීඩිකාව වන්නේ ද හර්ෂිතාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT