Home » ලුම්බිණි ශිෂ්‍ය සශීමගෙන් බෙල්ලන්විල පන්සලට අලි ඇඳුමක්

ලුම්බිණි ශිෂ්‍ය සශීමගෙන් බෙල්ලන්විල පන්සලට අලි ඇඳුමක්

by mahesh
August 23, 2024 1:00 am 0 comment

දෙහිවල - ඩී.පී. හේරත්

ලුම්බිණි මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් උසස්පෙළ සඳහා පෙනී සිටීමට බලපොරොත්තු වන පන්නිපිටිය, පොල්වත්ත පදිංචි සශීම යහම්පත් (17) සිසුවා වාහනයක් මිලදී ගැනීමට තබාගන සිටි මුදලක් වැය කර අලි ඇඳුමක් පිළියෙල කර බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් වෙත පෙරේදා (21) පූජා කළේය. සිය මව ද සමඟ එම අවස්ථාවට පැමිණ සිටි ඔහු පවසා සිටියේ, දැනටමත් නිවෙසේ කුඩා ඇඳුම් මසන ආයතනයක් ආරම්භ කර එය ඉදිරියේදී වැඩිදියුණු කිරීමටත්, පෙරහරට සහභාගි වන අලි ඇතුන් සියලු දෙනාටම ඉදිරියේදී ඇඳුම් නිපදවීමටත් තමා බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට ඔහුගේ මව ද, විහාරස්ථාන දායක සභාව, උප සභාපති රස්කින් වන්නිආරච්ච්, කාරක සභික පරාක්‍රම ඩයස්, විහාරස්ථාන ලේකම් ලසන්ත රත්නායක මහතා ඇතුළු සාමාජිකයෝ පිරිසක් ද සහභාගි වී සිටියහ.

එහිදී විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් වෙත සශීම යහම්පත් සිසුවා විසින් අලි ඇඳුම පිළිගන්වන ලද අතර, එම අවස්ථාවට විහාරස්ථාන ලේකම් ලසන්ත රත්නායක, උප සභාපති රස්කින් වන්නිආරච්චි, භාණ්ඩාගාරික සනත් කන්කානම්ගේ යන මහත්වරුන් ඇතුළු සාමාජිකයෝ පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT