මධ්‍යම පරිසර අධිකාරිය, පාසල් සිසුන්ගේ පාරිසරික කුසලතා වර්ධනය කිරීමෙහිලා ක්‍රියාත්මක, පරිසර නියමු ජාතික වැඩසටහනේ ප්‍රාථමික පරිසර ළමා සමාජවල අවශ්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණ කළ, පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට විහඟ සහතිකය පිරිනැමීම විදුහල්පති එම්.එන්. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහලේදී සිදු කෙරුණි.
මෙහිදී විහඟ සහතිකය ලබාගැනීම සඳහා කුරුලු නාද 3ක් ශබ්ද කිරීම හා එම පක්ෂීන් හඳුනා ගැනීම, තම ගෙවත්තට පැමිණෙන කුරුල්ලන් වර්ග 5ක් පිළිබඳ විස්තර කිරීම, කුරුලු පිහාටු අලවා නම් කළ පොතක් සකස් කිරීම, ගෙවත්තේ හෝ පාසල් වත්තේ සතුන්ට ආහාර හා ජලය තැබීමට සුදුසු ස්ථාන සකස් කර, දිනපතා ආහාර හා ජලය තැබීම, පරිසරයට සම්බන්ධ මුද්දර 3ක් එකතු කර පොතක අලවා එහි ඇති දේ නම් කිරීම, පරිසරයෙන් ලබා ගත් අමුද්‍රව්‍යවලින් නිර්මාණයක් සකස් කිරීම, ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවන් හඳුනාගෙන නම් කිරීම, ඉහත සඳහන් ක්‍රියාකාරකම් එකකට එක් තරුව බැගින් තරු 8ක් සහ පරිසරයට සම්බන්ධ ක්‍රියාකාරකම් කිරීමෙන් අමතර තරු 7ක් ද වශයෙන් සම්පූර්ණ තරු 15ක් ලබා ගත් සිසුන්ට මෙම සහතිකය පිරිනැමීම සිදු විය.
එම අවස්ථාවට විදුහල්පති එම්.එන්. බණ්ඩාර, නියෝජ්‍ය විදුහල්පතිනී එල්. බුලත්සිංහල, විෂය භාර ආචාර්යවරියන් වන මල්ලිකා දසනායක සහ බී.කේ. ඩබ්ලිව්. ස්වර්ණධාරා යන මහත්ම මහත්මීන් මෙන්ම සිසු දරු දැරියෝ ද සහභාගි වූහ.