Home » ඉන්දියාවෙන් විමසා සහාය දෙන්නේ කාටද කියන්නම්

ඉන්දියාවෙන් විමසා සහාය දෙන්නේ කාටද කියන්නම්

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂ නායක මන්ත්‍රී එස්. ශ්‍රී ධරන්

by mahesh
August 23, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

මෙවර ජනාධිපතිවරණයේදී ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය (ITAK) සහයෝගය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි යන්න තීරණය කිරීමට ඉන්දීය පාලකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට තමන් තීරණය කොට ඇති බව එම පක්ෂයේ නායක එස්. ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා පෙරේදා (21)කිළිනොච්චියේදී පැවසීය.

කිළිනොච්චියේ පැවති දෙමළ සංගම් රැස්වීමක් අමතා ඔහු මේ බව පැවසීය.

මේ වන විට තම පක්ෂයේ සාමාජිකයින් හා මධ්‍යම කාරක සභාව තීරණයක් ගැනීමට නොහැකිව විවිධ අදහස් පළ කරන නිසා පක්ෂයක් වශයෙන් ස්ථිර තීරණයක් ලබාදීමේ අපහසුවක් ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට පක්ෂය තීරණය කළ නමුත් කොළඹ සිටින ප්‍රධාන අපේක්ෂකයින් ඒ සඳහා මෙතෙක් අවස්ථාව ලබා දී නොමැති නිසා පක්ෂයට යම් තීරණයක් ගැනීමට නොහැකිව සිටින බව ද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට සහායක් තම පක්ෂයෙන් නොලැබෙන බව තමන්ට විශ්වාස බව කී ඔහු ඉතාම ඉක්මනින් මේ සම්බන්ධයෙන් වූ පක්ෂයේ ස්ථාවරය දැනුම් දෙන බව ද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT