Home » ‘මිත්‍ර ශක්ති’ – X අවසන් ඒකාබද්ධ යුධ අභ්‍යාසය මාදුරුඔයදී

‘මිත්‍ර ශක්ති’ – X අවසන් ඒකාබද්ධ යුධ අභ්‍යාසය මාදුරුඔයදී

by chanaka
August 23, 2024 4:29 pm 0 comment

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කොටගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය 12 වැනිදා ආරම්භ කළ අතර එහි අවසාන යුධ අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේදී අද (23) පවත්වන ලදි.

කර්නල් රවින්දා අහලවට් ගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි ඉන්දීය යුධ හමුදාවේ භට පිරිස් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් ප්‍රතිත්‍රස්ත යුධ සටන් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනිමට මෙම අභ්‍යාසයේ දී සිදුවිය.

මෙරටට පැමිණි දින සිට යුද අභ්‍යාසය අදාළ ක්‍රියාකාරකම්වල නිරත වු ඉන්දු – ශ්‍රී ලංකා හමුදා භට පිරිස් මෙහිදි තම දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකරගත් අතර එය දෙරට අතර ද්ව්පාර්ශවීය සම්බන්ධතා වර්ධනය කිරිමටද ඉවහල් විය.

එමෙන්ම මෙම අභ්‍යාසයේ නිරත භට පිරිස් අතර සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් සංවිධානය තුළින් සුහදත්ව වර්ධනය කිරීම සඳහාද පියවර ගෙන තිබූ අතර එමඟින් දෙපිරිසේ බට පිරිස් තම දක්ෂතා ඔප් නංවා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ⁣ජා‍, යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු ඉන්දිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වු අතර අභ්‍යාසය අවසානයේ දෙරටේ භට පිරිස් පරිහරණය කරනු ලබන යුධ උපකරන ප්‍රදර්ශනයක්ද පැවැත්වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT