Saturday, April 19, 2025
Home » සීගිරියේ සිංහපාදය අසළ ජල සම්පාදන පද්ධතිය විවෘත කෙරේ

සීගිරියේ සිංහපාදය අසළ ජල සම්පාදන පද්ධතිය විවෘත කෙරේ

by chanaka
August 23, 2024 10:34 am 0 comment

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පසුගිය දා (21) යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය විවෘත කරන ලදී.

RO ජල සම්පාදන පද්ධතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත භාර දී තිබිණ. ඉන්දීය රජය ඉදිරි වසර පහ තුළ මෙහි නඩත්තු පිරිවැය දරනු ඇත.

මෙම RO ජල සම්පාදන පද්ධතිය සීගිරිය නැරඹීමට ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ පිපාසය සංසිඳුවාලනු ඇත.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, මධ්‍යම පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමා, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT