Home » වඳුරු උණ නවත්වන්න රට පුරා වැටක්

වඳුරු උණ නවත්වන්න රට පුරා වැටක්

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

by mahesh
August 23, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බවත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව Mපොක්ස් රෝගීන් හඳුනා ගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බවත් ඒ මහතා පැවසුවේය.

මෙම රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (22) කියා සිටියේය.

මෙම රෝගයට වඩාත් හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දුන් බවත් මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසුවේය. Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගය Mපොක්ස් වයිරසය නිසා ඇති වන බවත් ආසාදිත පුද්ගලයකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාලයක් පුරා ශ්වසන බිඳිතිවලට නිරාවරණය වීමෙන් Mපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවදානම අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආසාදිත පුද්ගලයකු භාවිත කළ ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මඟින් ද රෝගය පැතිරීමේ හැකියාවක් පවතින බවත් Mපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිළි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත් ඒ මහතා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT