Home » අලුත් සංවර්ධන බැංකුවක් අරඹා ඇප රහිත ණය දෙනවා

අලුත් සංවර්ධන බැංකුවක් අරඹා ඇප රහිත ණය දෙනවා

by mahesh
August 23, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

අලුත් සංවර්ධන බැංකුවක් ආරම්භ කර අලුත් කර්මාන්තකරුවන්ට, අලුත් ව්‍යවසායකයන්ට සිය කර්මාන්ත දියුණු කර ගැනීමට ඇප රහිත ණය මුදලක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ අකුරණදී පෙරේදා (21) පැවැති රැලිය අමතමිනි.

අප ආරම්භ කරනවා අලුත් සංවර්ධන බැංකුවක්. ඕනෑම තරුණයකුට පුවළුන් තමන් ආරම්භ කරන ව්‍යාපාරය පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් දෙන්න. ඒ ව්‍යාපෘති වාර්තාව සැලකිල්ලට භාජන කරලා, ශක්‍යතාවයෙන් යුතු ව්‍යාපෘතියක් නම්, ආණ්ඩුව බැංකුවට ගැරන්ටියක් දෙනවා. එවිට තරුණයාට සල්ලි ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරියා අදියරෙන් අදියර මේ ගැන සොයා බලනවා. ඒ තුළ අලුත් කර්මාන්තකරුවකු හැදෙනවා. ජාතික ජන බලවේගයේ සංවර්ධන බැංකුවේ සංකල්පය ඒක. අප ඇප රහිත ණය මුදලක් දෙන්නේ. අලුත් කර්මාන්තකරුවන්, අලුත් ව්‍යවසායකයන් බිහි කරන්න ආණ්ඩුව අතහිත දෙනවා. අප ලෝකයේ ආර්ථිකය සොයා යන්න ඕනෑ. අප්‍රිකානු කලාපයේ දැවැන්ත ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. අප්‍රිකානු කලාපයේ විශාල අවස්ථාවන් තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT