Home » තේ පොහොර සහන මිලට

තේ පොහොර සහන මිලට

කිලෝ 50 මිටියක් රු. 4000යි

by mahesh
August 23, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

තේ වගාකරුවන් සඳහා රුපියල් 4000ක සහනයක් සහිත කිලෝග්‍රෑම් 50ක රසායනික පොහොර මිටියක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් ලබාදීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. පසුගිය කාලපරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යෑම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යෑමට බලපා ඇතැයි හඳුනාගෙන ඇති බව ඇමැතිවරයා කියා සිටියේය. එබැවින් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගාකරුවන්ට සහනයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බව ඒ මහතා කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT