Home » පොහොට්ටු රජයක් යටතේ පළාත්වලට ඉඩම්-පොලිස් බලතල නෑ

පොහොට්ටු රජයක් යටතේ පළාත්වලට ඉඩම්-පොලිස් බලතල නෑ

by mahesh
August 23, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර, මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

උතුරු නැඟෙනහිර ජනතාවට බොරු පොරොන්දු ලබා නොදෙන බව පෙන්වාදෙන රාජපක්ෂ මහතා කළ හැකි දේ කළ හැකි යැයි පවසන බවත් කළ නොහැකි දේ කළ නොහැකි බවට ඍජුව පවසන බවත් හෙතෙම කීවේය.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී පෙරේදා (21) පැවැති ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් බෞද්ධ රටක සියලු ආගම්, භාෂා සහ ජනතාව ආරක්‍ෂා කරන බවත්ය. කෙටිකාලීන වරප්‍රසාද, වරදාන හා තනතුරු වෙනුවෙන් රටත්, පක්ෂයත් කිසිදා පවා නොදෙන බව පැවසූ ඒ මහතා තමන් අභියෝගවලට බිය නොවන බව ද අභියෝවලට ආදරය කරන බව ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT