සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් 3 වැනිදා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
ලබන මස 8 වැනි ඉරු දින විශේෂිත දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද හෙතෙම කීවේය. එදින පෙරවරු 8 සිට සවස 6 දක්වා බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට නියමිතය.
තමන්ගේ ඡන්ද පත්‍රිකා භාර ගැනීම සඳහා නිවැසියන් එම කාලය තුළ නිවෙසේ රැඳී සිටින ලෙස ද නියෝජ්‍ය තැපැල්පතිවරයා ඉල්ලීමක් කරයි.
මෙම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 14 වැනිදා වන විට අවසන් කරන ලෙස මැතිවරණ කොමිසම මඟින් තැපැල් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසම මඟින් අදාළ ඡන්ද පත්‍රිකා ලබන මස 2 වැනිදා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17,140,354ක් මුද්‍රණය කිරීමේ කටයුතු රජයේ මුද්‍රණාලය මඟින් මේ වන විට ආරම්භ කර ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා යන ඡන්ද දායකයන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යා යුතු බව ද මැතිවරණ කොමිසම අවධාරණය කර තිබේ.