Home » පොහොට්ටුවේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව රනිල්ගේ වේදිකාවේ

පොහොට්ටුවේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව රනිල්ගේ වේදිකාවේ

by mahesh
August 23, 2024 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ පක්ෂය අතහැර ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට එක්වීමෙන් පසු මේ වනවිට ඔහු දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටී.

කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ චෝදනාව යටතේ දඬුවමකට ලක්ව පසුගියදා නිදහස ලබා පැමිණි ඔහු තම දේශපාලන ගුරුවරයා වූ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ද

අතහැර එජාපයට එක්ව තිබේ.තමන්ගේ දේශපාලන මහගෙදර වන එජාපයට නැවත පැමිණි බව ඔහු ප්‍රකාශ කළේය. තුෂාර සංජීව විතාරණ මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමවල නිරතව සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT