Home » ශ්‍රී ලන්කන් උපන් දිනය සමරමින් සාමණේරයන් සැට නමකට අමුතු දානයක්

ශ්‍රී ලන්කන් උපන් දිනය සමරමින් සාමණේරයන් සැට නමකට අමුතු දානයක්

by mahesh
August 23, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් 1 දිනට වසර 45ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමණේරයන් වහන්සේ 60 නමක කටුනායක ගුවන් තොටුපොළ වෙත කැඳවා එහි වැදගත් ස්ථාන දැක බලාගැනීමට සලස්වා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම්ද විඳගැනීමට ඊයේ (22) අවස්ථාව උදා කර දෙනු ලැබීය. මේ වැඩසටහනට වාද්දුව, දෙල්දූව පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන වයස අවුරුදු 5ත් 20ත් අතර, පසු වන සාමණේරයන් වහන්සේලා 60 නමක් සහභාගි වී සිටියහ.

මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියද අනුග්‍රහය දක්වා තිබුණු අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ‘ජාතියේ අනාගත භික්ෂු පරපුර මේ සාමණේරයන් වහන්සේගෙන් ආරම්භ වන හෙයින් උන් වහන්සේට රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දැක බලාගැනීමට අවස්ථාව සලසා දීම ඉතා වටිනා කර්තව්‍යයක්’ බවයි.

මෙවන් අත්දැකීමක් ගුවන් ගමනක යෙදෙන ගුවන් මඟියකුට හැර වෙනත් බාහිර පුද්ගලයකුට සාමාන්‍යයෙන් ලද නොහැකි වීම විශේෂත්වයකි. මේ සාමණේර පිරිසට කටුනායක ගුවන් තොටුපොළ සේද මාවත පර්යන්තයේදී දහවල් දානය පිරිනැමීමටද වැඩසටහනේ සංවිධායකවරුන් විසින් පියවර ගනු ලැබ තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT