Home » වකුගඩුවකුත් මුදලුත් පිරිනමා ජීවිතයක් බේරාගනිමු

වකුගඩුවකුත් මුදලුත් පිරිනමා ජීවිතයක් බේරාගනිමු

by mahesh
August 23, 2024 1:00 am 0 comment

අංක 55, මිනිරුවන්ගම, නැදගමුව, කොටුගොඩ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40ක් වන එම්. කේ. චතුරිකා ප්‍රේමකුමාරි වන මාගේ බිරිඳ වසර 08ක් පුරා වකුගඩු රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

මේ වන විට ඇයගේ රෝගී තත්ත්වය වඩාත් දරුණු අතට හැරී ඇති අතර සතිපතා මාලිගාවත්ත වකුගඩු සම්බන්ධ රෝහලට රැගෙන ගොස් රුධිරය හුවමාරු කිරීම සඳහා කටයුතු කරයි. තවද වෛද්‍ය උපදේශනය වන්නේ මාස 06ක් පමණ කාලයකදී එක් වකුගඩුවක් හෝ බද්ධ කිරීම සිදු නොකළහොත් ජීවිත අවදානමකට ලක්විය හැකි බවයි.

අප දෙදෙනාට පිළිවෙළින් වයස අවු. 20, අවු. 13 හා අවු. 10ක් වයස්වල පුතකු හා දියණියන් දෙදෙනකු සිටින අතර බාලම දියණිය ස්නායු රෝගී තත්ත්වයක් හේතුවෙන් උත්පත්තියේ සිටම එක්තැන්ව සිටී. බිරියද මේ වන විට එක්තැන්ව සිටින නිසා ඔවුන් දෙදෙනාම රැකගැනීමේ කාර්යය වයස අවු. 13ක් වන දියණිය පාසල් ගමන නතර කර මේ වන විට සිදු කරයි.

පවතින දැඩි ආර්ථික ගැටලු හේතුවෙන් අපගේ වැඩිමහලු දරුවා මේ වන විට තාවකාලිකව බේකරියක අත්වැඩ සපයමින් අපට ශක්තියක් වන අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරු තනතුරක් දරන මාගේ හා පුතණුවන්ගේ තාවකාලික රැකියාවෙන් ලැබෙන මුදලින් බිරියට වකුගඩුවක් සපයා ගැනීමේ කාර්යය සිදුකර ගැනීම දැඩිසේ අපහසුය. එනිසා රුපියල් ලක්ෂ 50ක් පමණ වැයවන වකුගඩු බද්ධ කිරීම වෙනුවෙන් යම් මූල්‍යාධාරයක් සපයා සහයෝගයක් දෙන ලෙස පින්වත් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT