227
මූතූර්, කට්ටපරිච්චාන් දකුණ අභිමාන් කෝවිල අසල වගා භූමියක බිම් සකස් කරද්දී යුද සමයේ වළ දමා තිබූ මෝටාර් උණ්ඩ දෙකක් පෙරේදා (21) සොයා ගැනීමට හැකි වූ බව සාම්පූර් පොලිසිය පවසයි.
දිරාපත්ව තිබූ මේ මෝටාර් උණ්ඩ දෙක වගා භූමිය අයත් රත්න කුමාර් නමැති අය බිම් සකස් කරද්දී හමුවී ඒ බව පොලිසිය දැනුම්වත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා මෙය නිෂ්ක්‍රීය කිරීමට සාම්පූර් පොලිසිය කටයුතු යොදා ඇත.