තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් සහ සමගි ජන බලවේගයෙන් ඉවත් වුවද සමගි ජන බලවේගයේ නියෝජිතයෝ පිරිසක් පක්ෂයෙන් ඉවත් නොවී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ප්‍රකාශ කළහ.
ඊයේ (22) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔවුන් මේ බව පැවසුහ.
ප්‍රේමදාස මහතාගේ කොළඹ මැතිවරණ කාර්යාලයේදී බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන් පිරිසක් සහ කොට්ඨාස සංවිධායකවරු ඔහු හමුවුහ. බළන්ගොඩ නගරසභාවේ හිටපු සභාපති එම්.ටි.රූම්,නාගරික මන්ත්‍රීවරුන් බළන්ගොඩ ප්‍රදේශිය සභාපති හිටපු සභාපති එම්.පී. රත්නසිරි ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බවට සහතික වී තිබේ.
බළන්ගොඩ සජබ ආසන සංවිධායක ධුරයෙන් තලතා අතුකෝරල මහත්මිය ඉවත්වීම බළන්ගොඩ ආසනයට ගැටලුවක් නොවන බව පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක් පැවසුහ.
බළන්ගොඩ ආසන්නයේ සජබ ක්‍රියාකාරීහු සජිත් ප්‍රේමදාස මහතා හමු වී සහා පළ කරමින්.