Wednesday, April 23, 2025
Home » මේ රටට අවශ්‍ය විකල්ප මිස ආදේශ නොවෙයි

මේ රටට අවශ්‍ය විකල්ප මිස ආදේශ නොවෙයි

කොමියුනිස්ට් පක්ෂ සභාපති ඩිව් ගුණසේකර

by mahesh
August 23, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

මේ රටට අවශ්‍ය විකල්ප මිස ආදේශ නොවේ යැයි ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවසීය. ඒ මහතා ඒ බව සඳහන් කළේ 2024 ජනාධිපතිවරණය සහ කොමියුනිස්ට් පක්ෂයේ තීරණය පිළිබඳ බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (21) පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

මෙවර ජනාධිපතිවරණය ඉතා සුවිශේෂයි. පෙර පැවති ජනාධිපතිවරණ 8ට සාපේක්ෂව වෙනස් ස්වභාවයක් අපි මෙහි දකිනවා. පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුවේ මෙරට ආර්ථික අර්බුදය මෝදු වුණු අවස්ථාවකයි. ඉන් වසර 2කට පසු එම අර්බුදය පුපුරා ගියා. එවැනි අර්බුදකාරී තත්ත්වයකින් පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය මෙයයි. එළඹෙන ජනාධිපතිවරණයට අද සිට නිශ්චිතවම මසක පමණ කාලයයි තිබෙන්නේ.

1931 වසරේ සිට මෙරට පැවති සෑම මැතිවරණයකටම මුහුණ දුන් එකම පක්ෂය අපේ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයයි. රුසියාව, චීනය වැනි රාජ්‍යයන් දියුණු රාජ්‍යයන් බවට පත් වූයේ විප්ලවකාරී තත්ත්වයකින් පසුවයි. ඔවුන් අද ලෝක බලවතුන් අතර වැජඹෙන රාජ්‍යයන් බවට පත්වී තිබෙනවා. වසර ගණනාවක් මුළුල්ලේ රාජ්‍යයක් වශයෙන් මේ ප්‍රශ්න පැවතුණ ද තවමත් ඊට නිසි පිළිතුරක් අපට ලැබී නැහැ. එබැවින් වත්මන් ශ්‍රී ලංකාව පවතින්නේ ගැඹුරු, තීරණාත්මක අර්බුදකාරි තත්ත්වයක් මතයි. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න මූලිකම හේතුවක් තමයි බදු ප්‍රතිපත්තිය. පක්ෂයක් ලෙස තරුව සලකුණ යටතේ ඔබගේ සහාය ලබා දිය හැකි බව අපට විශ්වාසයි’ යැයි පැවසීය. ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ, පක්ෂ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT