සමගි ජන බලවේගයට පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 28ක් ලැබෙන විට එම පක්ෂයේ සිටි මන්ත්‍රීවරු 14ක් මේ වන විටත් ඉවත්ව ඇති බව මනූෂ නානායකාර පැවසීය.
දැනට පක්ෂය සමඟ සිටින තවත් මන්ත්‍රීවරු හතරක් හෝ පහක් ඉදිරියේදී ඉන් ඉවත්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
රට කරවූ මහ උන්දැලා කළ පව් වසර දෙකකදී සමා කිරීමට වත්මන් ආණ්ඩුවට එකතු වී දේශපාලනය කළ මන්ත්‍රීවරුන්ට හැකි වූ බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය කී සැණින් ගමේ එජා පාක්ෂිකයා ඔහු වටා එක් වූ බවත් කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර බේරුවලදී පැවති තරුණ සමුළුවට සහභාගි වෙමින් පැවසීය.
එහිදී මනූෂ නානායක්කාර මහතා මෙසේ ද පැවසීය.
Òඕනෑ වෙලාවේ බෙල්ල තියලා, දෑත බැඳන් හිටි පොදු ජන පෙරමුණෙන් එළියට බැහැලා.
ඒ කණ්ඩායමෙන් මුලින්ම බය නැතිව ඉදිරිපත් වුණ පුද්ගලයෙක් හැටියට පියල් නිශාන්ත මහතා හඳුන්වන්න පුළුවන්. අලුත්ගම කියන්නේ රට, ජාතිය, ආගම එකතු කරන්න ඕනෑ කියන අදහසින් ඉන්න අය ඉන්න තැනක්.
මට මාධ්‍ය මිතුරෙක් කතා කර කිව්වා අවුරුදු දෙකකට කලින් ජවිපෙ උඩ හිටියා. ඒ අයත් සජබෙත් දැන් බැහැලා බව. දැන් ගම්වල යූඑන්පීකාරයෝ ටික රනිල් වික්‍රමසිංහ මහතා එක්ක එකතු වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකයා කියන්න කලින් සජබ පොළොවේ හැපි හැපි කිව්වා රනිල් ඉල්ලන්නේ නෑ කැට තියනවා කියලා. මේ සියල්ල ඉවර වෙලා රනිල් ඇප තැන්පත් කර, නාම යෝජනා දුන්නා විතරයි. සිලින්ඩරය ලකුණින් එනවා කිව්වා විතරයි කැම්පේන් එක දැන් රනිල් වික්‍රමසිංහ දිහාට කැරකුණා. මේ වෙනුවෙන් ගම්වල ජනමතය හදන්න පළමුවෙනි පියවර පියල් නිශාන්ත මහතා තැබුවා. සමගි ජන බලවේගය පට්ට සමබර කණ්ඩායමක්. විල්පත්තුව කපපු රිෂාඩ්, ඒකට විරුද්ධ වුණු පොහොට්ටුව, බැඳුම්කර මගඩිය කියලා පොත් ලියපු සුජීව සේනසිංහ, මහදවල් කොල්ලකෑව කිව්ව ඩලස්, කෝප් කමිටුව ෆුට් නෝට් වාර්තා අජිත් පී. පෙරේරා, ඔට්ටුවලින් ක්‍රිකට් කෑවා කිව්ව අර්ජුන, ඔට්ටු දාපු තිලංග, පාස්කු දා ප්‍රහාරයට හිනා වුණ අය, ඒ ගැන මාධ්‍ය ඉස්සරහා වුණ දේ කිව්ව මනෝ ගනේෂන්, ඉංග්‍රීසියෙන් කතා කර ණය ගැනීම ටින් ටින් වැඩක් කිව්ව චම්පික, ඉංග්‍රීසියෙන් කතා කරන සජිත්, ආර්ථිකය ගැන මේක බ්ලූ ප්‍රින්ට් එක නෙමේ කිව්ව ගොඩහේවා, මේක තමයි බ්ලූ ප්‍රින්ට් කිව්ව හර්ෂ ද සිල්වා වගේ ඔක්කොම ඒකේ ඉන්නවා.
හර්ෂ ද සිල්වා මීට අවුරුදු 2කට කලින් කිව්වා මහබැංකු අධිපති එක්ක කතා කරලා ‘තත්ත්වය මරණීයයි. ශ්‍රී ලංකාව බේරගත යුතුයි’ කියා. හැබැයි සුජීව කියනවා ‘අපි බාර නොගත්තේ හොරුත් එක්ක යන්න බැරි’ නිසා කියලා. ඕක නෙමෙයි ඇත්ත කතාව. ගෝඨාභය රාජපක්ෂ එක්ක ලියුම් ලිව්වේ, හුවමාරු කළේ අපි. අපි මේක ගන්න හිටියේ. නොගන්න හේතු කියන්න ඕනෑකමට හොරුත් එක්ක බෑ කිව්වා. ඒ අය හොරු නම් එදා හොරු හදපු, හොරු බලයට ගෙනාපු ඩලස්, ජී.ඇල්, නාලක ගොඩහේවා වගේ අය අද ඉන්නේ.
මහබැංකු අධිපති එක්ක පැය තුනක් සාකච්ඡාව කර එළියට ඇවිත් කිව්වා බෑ කියලා. මේක අමාරු බව කිව්වම තමයි දුවන සපත්තු දාලා දුවන්න පටන්ගත්තේ. ඔය කාගෙත් කකුල් වෙව්ලුවා. මමයි හරිනුයි විතරයි එළියට බැස්සේ. හැබැයි අද සජබෙන් 14ක් එළියට බැහැලා ඉවරයි. වෙල්ගම මහතාත් එක්ක ලක්ෂ 28ක් ගද්දි හිටපු මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට අනිත් පැත්තෙන් සජබ ගොඩ නගපු තව 4 – 5ක් එළියට බහිනවා. අද රට, ජාතිය, ආගමට කලින් මිනිසුන්ගේ ජීවිත බේරගන්න ඕනෑ වෙලාවයි මේ ඇවිත් තිබෙන්නේ.
තරුණ ඔබ කල්පනා කරන්න ඕනෑ ඒක. පොරොන්දු දේශපාලනය ඕනෑ නෑ. යථාර්ථය තේරුම් ගැනීමයි ඕනෑ. තරුණයන්ට යථාර්ථය තේරෙනවා. මේක එක රැයකින් ගොඩගන්න බෑ කියා අපි හැමෝම දන්නවා. අවුරුදු 2කට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේක අමාරුවෙන් ගොඩ දාන්නේ කියලා. ඒක ගොඩ දැම්මා. ඉතුරු ටික අමාරු ගමනක් තිබෙනවා. ඒකට හෙට බඩු මිල අඩු වෙයි කියන එක හිතාගෙන යන්න ක්‍රමානුකූලව යන ගමනක් තිබෙනවා. ඒ ගමන යන්නයි අපට ඕනෑ. අපට ඕනෑ තරුණයෝ ව්‍යවසායකයන් විදිහට වැඩ කරන්න. රටේ සංචාරක කර්මාන්තය තව දියුණු කරන්න. මේ කලාපයේ සංචාරක කර්මාන්තය ගොඩදාන්න පුළුවන්.
ජවිපෙ දොස්තර නලින්ද ජයතිස්ස රාජ්‍ය ව්‍යාපාර කරනවා කියද්දි හරිනි නෑ කියනවා. මේ වගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නැති අය ආවොත් රට ඉස්සරහට යයි ද, රට කඩාගෙන වැටෙයි. අනාගතය කඩාගෙන වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ද. එතුමා සියල්ල කැප කර තිබෙන්නේ. නැති වෙන්නේ විදුර වික්‍රමනායකගෙ, මගෙ, පියල් නිශාන්තගේ අනාගතය ද. නැති වෙන්නේ තරුණයාගේ අනාගතය. තරුණයාගේ අනාගතයටයි බාධා වෙන්නේ. එයාලට තමයි නැවත පෝලිම්වලට යන්න වෙන්නේ. බලාපොරොත්තු සුන් වෙන්නේ. ඔවුන්ටයි රටෙන් එළියට යන්න වෙන්නේ.
මීට අවුරුදු 2කට කලින් රටින් කොහොම හරි පනින්න හිටපු වෙලාවේ අම්බලන්තොට ජවිපෙ මන්ත්‍රී කෙනෙක් මියන්මාරයට තරුණයන් යැව්වා. ඒ වෙලාවේ කොරියාව, ඊශ්‍රායලය, ජපානෙට අපි තරුණයන් යැව්වා. එහෙ යැව්ව ඊශ්‍රායලයට ගිය ජවිපෙට සම්බන්ධ අය උද්ඝෝෂණය කරන්න ගත්තා. ඊශ්‍රායලයේ කෘෂිකර්ම කෝටාව නවතින තත්ත්වයට ආවා. ඒ අය නිතර අහනවා දැන් එන අය කලින් ආව පිරිස වගේ ද කියලා. කොරියාව වැඩ කරන්න ආව අයත් විවිධ වැඩ පටන් අරන්. ලංකාවේ අය නොගන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, මධුර විතානගේ, මොහොමඩ් මුසම්මිල්, එජාප අගලවත්ත ආසන සංවිධායක රෝහණ ගලබඩ මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.