Home » බෝම්බ බියකින් ඉන්දියාවේ ගුවන්තොටුපොළක හදිසි තත්ත්වයක්

බෝම්බ බියකින් ඉන්දියාවේ ගුවන්තොටුපොළක හදිසි තත්ත්වයක්

by mahesh
August 23, 2024 1:00 am 0 comment

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කේරළ ප්‍රාන්තයේ තිරුවෙන්දපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි එයාර් ඉන්ඩියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ එම ගුවන්තොටුපොළට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මගීන් 135 දෙනකු රැගෙන පියාසර කළ එම ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට නියමුවාට ලැබුණු තොරතුරකට අනුව ඔහු ගුවන්තොටුපොළ බලධාරින් දැනුවත් කර ඇති අතර, ඊයේ උදෑසන 8ට පමණ යානය ගොඩ බැස්වීමෙන් පසු සියලු මගීන් ආරක්ෂිත ස්ථානයක් කරා කඩිනමින් රැගෙන යෑමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට සඳහන් ටිෂූ කඩදාසියක් එහි වැසිකිළියකින් හමුවී ඇති අතර, ඒ පිළිබඳ ගුවන් නියමුවා දැනුවත් කිරීමෙන් පසු ඔහු ගුවන්තොටුපොළ බලධාරීන්ට ඒ බව දැනුම් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙහෙයුම සිදු කර ඇති බවත්, පුපුරන ද්‍රව්‍ය කිසිවක් ගුවන් යානයේ නොතිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT